මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය පරිපාලනය විධිමත් කිරීම සදහා වු මාර්ගෝපදේශ අත්පොත එළිදක්වයි

    ජූනි 06, 2023

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලැසුම් අංශය මගින් සම්පාදනය කරන ලද “Manual on Management of Tertiary and Secondary Care Hospitals - තෘතියික හා ද්විතීයික සත්කාර රෝහල් කළමණාකරණය පිළිබද අත්පොත” එළදැක්වීම අද (5) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය පරිපාලනය වඩාත් විධිමත්ව හා ක්‍රමානුකුලව සිදු කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය, පිටුබලය මෙම අත්පොතෙන් ලැබෙන අතර වෛද්‍ය පරිපාලනයේ නිරත වෛද්‍ය නිලධාරීන් හට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හා වෛද්‍ය පරිපාලනය හදාරණ වෛද්‍ය නිලධාරීන්ට හට අවශ්‍ය මුළික අත්පොතක් වශයෙන් මෙය භාවිතා කරනු ලැබේ. මෙම අත්පොතේ පළමු එළිදැක්වීම 1994 වර්ෂයේදී සිදුව ඇති අතර මෙය එහි දෙවැනි සංස්කරණයක් ලෙස හැදින්විය හැක. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලැසුම්) වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා මෙහි පළමු පිටපත සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත පිරිනමන ලදි.

    මෙහිදි අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා:

    1994 වර්ෂයේදී පළමු එළිදැක්වීමෙන් පසුවයි මේ අත්පොත එළිදකින්නේ. මෙය මාර්ගෝපදේශයක් පමණයි. මෙය පිළිගෙන ක්‍රියාවට නැංවීම තමයි අප කළයුත්තේ. කොතරම් පොත් මුද්‍රණය කලත්, රැස්විම් පවත්වා කතා කලත් ඒවා වචන වලට සීමා වෙලා වැඩක් නැහැ, ඒවා ක්‍රියාවට නැංවෙන්න අවශ්‍යයි. මෙය අභියෝගයක් ලෙස බාරගෙන වැඩ කරන්න අවශ්‍යයි.

    පළමු මාර්ගෝපදේශය සකස් කර වසර 30 ක් වෙනවා. මේ වන විට අළුත් රෝහල්, විශේෂ ඒකක ආරම්භ වෙලා තියෙනවා. මුලින් ප්‍රාථමික රෝහල් ලෙස තිබුණු රෝහල් මේ වනවිට ඉහළ මට්ටමකට සංවර්ධනය වෙලා තියෙනවා. රටක් ලෙසත්, රජයක් ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා අළුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට.

    සීමිත සම්පත් ඔස්සේ අද වන විට සියල්ල උපරිම මට්ටමට සාර්ථක වී නොමැති වුවත් සෑහීමකට පත්වන මට්ටමට තියෙනවා. එළඹෙන ජුලි මස අග වන විට යම්තාක් දුරට සාර්ථක මට්ටමක් අපි බලාපොරොත්තු වෙනවා.

    මෙය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට බැරිවෙයි. නමුත් ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීය යුතු දෑ තෝරාගෙන ක්‍රියාත්මක කරන්න සැලැසුම් කර තිබෙනවා ඒ සදහා සාධාරණ කාලයක් ලබාගෙන ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සියල්ලන්ගේ වගකීමයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය උපුලි විජේමාන්න, රෝහල් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya