මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවා බලපත්‍ර නොලැබුණු පිරිස් සිටිනවා නම්, ඒ පිළිබඳ කඩිනම් පර්යේෂණයක්

    ජූනි 06, 2023

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවා බලපත්‍ර නොලැබුණු පිරිස් සිටිනවා නම් ඒ පිළිබඳ කඩිනම් පර්යේෂණයක් සිදු කරන බවත් , ඔවුන්ට අවශ්‍ය සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයාට දැනුම් දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරමින් ඊ මෝටරින් ව්‍යාපෘතිය මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ මැදිහත් වී ඇති බවත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය එකග වූ බවද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීම, මෝටර් වාහාන බලපත් ලබා ගැනීම, අංක තහඩු ලබා ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම ඉහළ සේවාවක් ලබා දීමට මෙම වසරේ හැකි වනු ඇතැයිද හෙතෙම කීය. දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අකමැති පිරිසක් සිටින බවත් එම පිරිස මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය..

    ලෝකයේ අලුතින් පවතින තාක්ෂණය සහ ඩිජිටල්කරණය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වීමෙන් රාජ්‍ය සේවය තුළ පවතින ආකාර්යක්ෂමතාවය අවම කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya