අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

    ජූනි 06, 2023

    රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණ ආයතන, නියාමනය කරමින් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තිරණයකට එළඹ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම යන තේමාව යටතේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේාදස රාජපක්ෂ මහතාගේ ප්‍රධානනත්වයෙන් විශේෂ තේරිම් කාරක සභාවක් පත් කර ඇති බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක් සහ වෘත්තීය පුහුණු අංශයේ ඇති උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරිම යන තේමාව යටතේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. විපක්ෂයට වුවද එම තේරීම් කාරක සභාවට පැමිණ උසස් අධ්‍යාපන පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා.

    එම කමිටුව විසින් ඉතා ඉක්මනින් වාර්තාවක් ලබා දෙනු ඇති බවත් ඒ අනුව උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya