අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය වඩාත් කාර්යක්ෂම වරායක් බවට පත් කර ගත යුතුයි- වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය

    ජූනි 06, 2023

    කොළඹ වරාය වඩාත් කාර්යක්ෂම වරායක් බවට පත් කර ගත යුතු බවත් ඊට වැඩකරන ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවත් වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය

    සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සහ වෙළඳ නැව් පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කරමින් අද (06) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අභියෝගාත්මක කාලවකවානුවේ දී ගුවන් හා නාවික ක්ෂේත්‍රයේ ජයග්‍රහන රාශියක් ලැබී තිබෙනවා.කොළඹ වරාය ගතානුගතික තත්ත්වයෙන් වෙනස් වෙලා, කොන්ටේනර් බිලියන 8.5ක් නැව් වලට මාරු කිරීමේ අලුත් ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ඉන් විශාල ආදායමක් ලැබෙනවා.අපේ ඉලක්කය කොන්ටේනර් මිලියන 15 දක්වා වැඩි කර ගැනීමයි. නැඟෙනහිර පර්යන්තය අපේ මුදල්වලින් හදාගෙන යනවා.අදානි සමාගම එකක්ක ඒ පර්යන්තයේ වැඩකටයුතු කෙරෙනවා. මේ ටික කළාම අපේ වරාය වඩා ඉඩ පහසුකම් තිබෙන, කන්ටේනර් මිලියන 15 එක්මවා යා හැකි වරායක් බවට පත් වෙනවා.

    අපිට දුරදක්නා වැඩපිළිවෙලක් තිබෙනවා. උතුරු වරාය සංවර්ධනය,වරායට උතුරෙන් තවත් පර්යන්ත හදන්න, ඒ සඳහා අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන දැන් සක්‍යතා අධ්‍යනය අවසන් කර තිබෙනවා. ලෝකයේ දියුණු වරාය බොහොමයක මිනිස් බලය අඩු යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් වැඩ කිරීම.වරාය නාවීන වරායක් බවට පත් කරලා,ඒ තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.අපේ වරාය වඩාත් කාර්යක්ෂම වරායක් බවට පත් කර ගත යුතුයි. වැඩකරන ජනතාවගේ සහයෝගය ඊට අත්‍යාවශ්‍යයි. දැනට මඟීන් 15000ක් පමණ දිනකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. එය වැඩි කරගත යුතු වෙනවා. උතුරේ ජනතාව ඉල්ලා සිටියා පලාලි ගුවන් තොටුපළ සකස් කරන්න. මේ වනවිට ගුවන් වාර සියයක් කර තිබෙනවා. සාකච්ඡා කරගෙන යනවා, ආසන 60 මඟී යානා පමණයි. ගුවන් පථය දිගුකරලා ගුවන් තොටුපල සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    දේශපාලන ස්ථාවරයක් නැතිව ආයෝජකයින් එන්නේ නෑ. එන ආයෝජකයා සමඟ මේ වැඩ කරන්න ඕන. වෘත්තීය සමිති කියන්නේ ආණ්ඩුවෙන් තියන්න ඕන කියලා. එහෙම නොහැකියි. මම මගේ පිල නියෝජනය කරන කෙනෙක්. මම මේ රජයට එකතු වුණේ පිලක් නියෝජනය කරන්න නෙමේ, මේ රට ගොඩ ගැනීමට වැඩිම ශක්තිය,සහයෝගය ලබාදිමටයි. ප්‍රායෝගික තීන්දු ගන්නවා. අපිට පෝට් කොමියුනිටි සිස්ටම් එකක් නෑ. මේ තත්ත්වය වෙනස් කරලා, එන වසර වන විට පෝට් කොමියුනිටි සිස්ටම් එකත් කොළඹ වරායට ගෙන එන බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya