මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යූරියා පොහොර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන්නන් නීතියේ රැහැනට - පාරිභෝගික අධිකාරියට උපදෙස්

    ජූනි 06, 2023

    යූරියා පොහොර මිටියක සඳහන් කර ඇති උපරිම මිල සීමාව ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් අරඔයා වෙළෙඳපොළ වැටලීම් ක්‍රියාත්මක කරන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගිය දා අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වීමට වසර ගණනාවක අසාර්ථක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා තාක්ෂණික ක්‍රම හේතු වූ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරන ලදී. ශ්‍රී ලංකා රේගුවේ දත්ත මත පදනම්ව යූරියා මිටියක වෙළෙඳපොළ මිල සකසන ලෙසට හා ඔවුන්ගේ ගබඩා කර ඇති පෙහොර ප්‍රමාණයන් පිළිබද දත්ත රැස් කරන ලෙසත්, එම ගබඩා වලට ගොස් නිරීක්ෂණය කරන ලෙසත් අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී. පසුව ඒ පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කිරීමට නියමිතයි. එම තොරතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    වෙළෙඳපොලේ යූරියා මිටියක විකුණුම් මිලට වඩා විශාල මුදලකට අලෙවි වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරන ලදී. ඒ සඳහා හේතු වූයේ පසුගිය දිනයක පෙහොර නැව ලංකාවට ලඟා වීම ප්‍රමාද වීම වූ නිසා බවත් නමුත් එම නැව එළඹෙන සතිය තුළ දී දිවයිනට ලගා වන බවයි. ඒ අනුව වෙළෙඳපොළ අවශ්‍යයතාවය සපුරා ලීමට ප්‍රමාණවත් තරම් යූරියා පොහොර ප්‍රමාණයක් පවතින බවට පොහොර ආනයනකරුවන් අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේය.

    එම පොහොර ප්‍රමාණයන් පිළිබදව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යවරයා ආනයනකරුවන්ට උපදෙස් ලබා දෙන ලදී. යල කන්නයේ යූරියා පොහොර අවශ්‍යයතාවය මෙට්‍රික් ටොන් 80,000 ක් වන අතර මේ වන විට ඉන් 20,000ක් පමණ බෙදා හැර ඇති බව පොහොර ආනයනකරුවන් පවසා සිටින ලදී. මේ වන විට වෙළෙඳපොළ පොහොර ඉල්ලුමෙන් 60% පමණ අඩු වී ඇති බව ද ඔවුන් පවසා සිටින ලදී.

    මහ කන්නය සාර්ථක ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් පොහොර ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා සඳහන් කළ අතර, එම මිල කෙරෙහි රජයේ බලපෑම අනුව උපරිම මිල සීමාවක් පැනවීමටත්, ඒ පිළිබදව රජය හා පෞද්ගලික අංශය සමඟ නෛතික එකඟතාවයකට යොමු වීම යෝග්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

    අඩු ජල භාවිතයක් සහිත හා අඩු පිරිවැයක් සහිත නව වී ප්‍රභේද කරා යොමු වීමට ඇති හැකියාව පිළිබඳ ව ද අමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබා දෙන ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya