අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරණ කනන්විල කුඹුරු ඉඩම් ගොඩකිරීම් සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්

    ජූනි 06, 2023

    හොරණ කනන්විල කුඹුරු ඉඩම් ගොඩකිරීම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

    එම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් කිහිපයක් එක්තරා පුද්ගලයෙක් බලාත්කාරයෙන් පස් පුරවා ගොඩ කරන බවට අමාත්‍යවරයාට පැමිණිළි ඉදිරිපත් වී තිබේ.


    ගොවිජන පනත යටතේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම මේ වනවිට සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් හොරණ කනන්විල ප්‍රදේශයේ වගා කළ හැකි කුඹුරු ඉඩම් ගොඩ කරන පුද්ගලයා සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.


    ඒ අනුව මෙම ඉඩම් ගොඩ කිරීම සදහා කිසියම් නිලධාරියෙක් මැදිහත් වීමක් හෝ අනුබල දීමක් ඇත් දැයි සොයා බලා ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.


    මෙම කුඹුරු ඉඩම් ගොඩ කිරීම නැවැත්වීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් මැදිහත් වී පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya