අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

    ජූනි 05, 2023
     
     
    නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ දිස්ත්‍රික්ක දෙකකට අද (5) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
     
    ඒ අනුව අනතුරු ඇඟවීමේ අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වන පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයට සහ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කර තිබේ.
     
    එසේම නාය යාම් පිළිබඳව විමසිලිමත්වන ලෙස දැනුම්දෙන නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , ඇල්පිටිය සහ කළුතරදිස්ත්‍රික්කයේ  වලල්ලාවිට , අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya