අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF නියෝජිතයන් වරාය නගරයේ සහ වරාය පර්යන්තවල සංචාරයක

    ජූනි 05, 2023

    ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වූහ.

    මෙහි දී South Asia Gateway Terminal සහ කොළඹ ඩොක්යාඩ් සමාගමේ සංචාරයක නිරත වූ මෙම ධූත පිරිස එම ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළහ. අදාළ ආයතන මගින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාව එහි දී සිදු කෙරිණි. දැනට සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු, සේවක සුබ සාධනය, බදු දායකත්වය පිළිබඳ මෙහි එම ධූත පිරිසේ දැඩි අවධානයට ලක් විය.

    ධූත පිරිසේ ප්‍රධානී IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අදාළ මෙහෙයුම් කටයුතු වඩාත් ආකර්ෂණීය ලෙස සිදු වෙමින් පවතින බවයි.

    ඉන් අනතුරුව ධූත පිරිස කොළඹ වරාය නගරයේ සංචාරයකට එක් වූහ. ඒ වෙත පැමිණෙන විදේශ ආයෝජකයන් සඳහා රටේ පවතින නීති රාමුව සහ සහනදායි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔවුන්ගේ දැඩි අවධානය යොමු විය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමග වරාය අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ මෙම අවස්ථාවට එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya