අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් තම ආරක්ෂාව ගැන සැළකිළිමත් වන්න

    ජූනි 02, 2023

    පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් තම ආරක්ෂාව ගැන සැළකිළිමත් වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි. දිය නාන පිරිස් වල ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත් , ඒ අය විසින් පෙන්වන ස්ථාන වල පමණක් දිය නාන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    තවද අනුරාධපුරයට රැගෙන ඒන පොලිතින් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යය ආපසු රැගෙන යන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම මුල්කරගනිමින් පැවැත් වේ

    ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කටයුතු කරයි. එහිදී පොම්ප සවි කිරීම, දන්සැල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයන් ජලප්‍රවාහන මණ්ඩලය මගින් සිදු කරයි.

    එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය ඉදි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya