මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට මෙම අවස්ථාවේදී උපරිම සහයෝගයක් ලබාදීමට අපේක්ෂා කරනවා - IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ  

    ජූනි 01, 2023

     ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සදහා අවශ්‍ය මූලික සාධනීය පියවරයන් රැසක් මේ වන විට ගෙන තිබීම අගය කරන බවද නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි.

    මේ අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සදහා හැකි උපරිම දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඊයේ (31) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේබව පවසා සිටියේය. එසේම නැවත ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සදහා අවශ්‍ය මූලික සාධනීය පියවරයන් රැසක් මේ වන විට ගෙන තිබීම අගය කරන බවද කෙන්ජි ඔකමුරා මහතා පැවසීය.

    මේ අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජියේවා මහත්මිය ප්‍රමුඛ සමස්ත අධ්‍යක්ෂවරුන්ට මෙරට රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කර සිටින බව කථානායකවරයා මෙහිදී IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයාට දන්වා සිටියේය.

    එසේම පවතින අර්බුදය විසදා ගැනීමට ආර්ථික ස්ථායිකරණය සදහා අවශ්‍ය දැඩි තීරණ ගැනීමට සිදු වූ බවද පාර්ලිමේන්තුව තුළින් ද ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කථානායකවරයා පෙන්වා දුන්නේය. මනා විනිවිද
    භාවයකින් යුතු නව ආර්ථික දැක්මක් සදහා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම, දූෂණ විරෝධි පනතක් හදුන්වා දීමට පියවර ගැනීම, නව මහබැංකු පනතක් හදුන්වා දීමට කටයුතු කිරීම ආදී වඩාත් සාධනීය පියවර රැසක් ඒ අනුව ගෙන ඇති බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තුවට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය  ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ ජයතිලක, සහකාර මහලේකම් හංස අබේරත්න සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් විසිනි. කථානායකවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔකමුරා මහතා පාර්ලිමේන්තු සභාගර්භය නැරඹීම සිදුකළේය.

    අනතුරුව ඒ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයන් සමග සුහද සාකච්ඡාවක ද නිරත විය.

    එසේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන විශේෂ අමුත්තන්ගේ ලේඛනයේ සමරු සටහනක් තැබීමට ද එක්විය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය අලි සබ්‍රි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් එක්ව සිටියහ.

     එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රමුඛ පාර්ලිමේන්තු මහලේකම් මඩුල්ල ඇතුළු නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya