අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “EDB Open Day” වැඩසටහන මඟින් අපනයන අභිමුඛ ව්‍යවසායකයන් සවිබල ගැන්වෙයි

    ජූනි 01, 2023

    අපනයනය සිදු කරන ව්‍යවසායකයන් දිරිමත් කිරීම, නව අදහස් හඳුනා ගැනීම හා ඒවා සාකච්ඡා කරමින් අපනයනය සඳහා යොමු කිරීම , ව්‍යවසායකයප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය “EDB Open Day”එක්දින වැඩසටහනක් සංවිධානයකර ඇත.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ ජූනි 15 වැනි දින පෙ.ව. 9:30 සිට සවස 4:30 දක්වාපැවැත්වීමට නියමිත මෙම වැඩසටහන කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, නව අපනයන අභිමුඛ ව්‍යවසායකයන් සහ නව අදහස් දරන්නන් සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පිරිනැමෙනඅවස්ථා සහ සේවාවන් හඳුනාගැනීමට හැකි වේ.

    අපනයන ක්‍රියා පටිපාටිය, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන හා සේවා පිළිබඳව, නිෂ්පාදන වැඩිදියුණු කිරීම, වෙළඳපොළ හඳුනා ගැනීම සහ අපනයනසම්බන්ධතා වැනි සහභාගිවන්නන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද සේවාවන් “EDB Open Day” තුළ අන්තර්ගත වන අතරඅනාගත අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගෝපදේශ සඳහා මගපෙන්වීමක් ද ලැබෙනු ඇත. වැඩසටහන සඳහා සහභාගී වන්නන්ට, අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ලබාදෙන සියලුම සේවාවන් පිළිබඳ අදහස් ලබා ගැනීමට මෙන්ම අදාළනිලධාරීන් පෞද්ගලිකව එකම ස්ථානයක හමුවීම සඳහා ඉඩකඩ විවර වේ.

    මෙම සාකච්ඡා මගින් ගැනුම්කරුවන් සහ විභව වෙළඳපොළ සොයා ගැනීම, කාබනික ලියාපදිංචිය, ශ්‍රී ලංකා කුරුඳු සඳහා වෙළඳ ලාංඡන භාවිතය (PCC), ඇසුරුම් මාර්ගෝපදේශය සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන වෙත ප්‍රවේශයන් ආවරණය කරනු ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩසටහන්සඳහා ලියාපදිංචි වීම යටතේ, නව අපනයන සංවර්ධන වැඩසටහන, කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ අපනයන නාමාවලිය ඇතුළු අංශකෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

    විශේෂිත සැසි සහ එක් එක් අපනයනකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ජා (One-to-One Meetings) යටතේ, අපනයන වෙළඳපොළ අවස්ථා, අපනයන ක්‍රියා පටිපාටි, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ ඇසුරුම් කිරීම පිළිබඳ විශේෂිත සාකච්ඡා සිදු කෙරේ.

    සහයෝගීතාව, දැනුම හුවමාරු කර ගැනීම සහ ආර්ථික වර්ධනය සඳහා විභව අපනයනකරුවන්, සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් එක් කරගනිමින්, මෙම එක්දින වැඩසටහන සාර්ථක සහ සංවාදාත්මකව සිදුවනු ඇත.

    වැඩසටහන සඳහා උනන්දුවන්නන් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ පූර්ව-ලියාපදිංචි කිරීමක් සිදු කළ යුතුය. ලියාපදිංචි වූ පසු, සෑමසහභාගිවන්නෙකුටම හඳුනාගැනීමේ අංකයක් ලැබෙනු ඇත. වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වනwww.srilankabusiness.com වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya