අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මාස තුන ඇතුළත පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණයට

    මැයි 30, 2023

    ඉදිරි මාස තුන ඇතුළත පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළව සකස් කරන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලෝකයේ දියුණු තාක්ෂණික ක්‍රම වේද තිබියදීත් තවමත් බස්රථ වලට මාරු කාසි සොයමින් ගමන් කිරීමට සිදු වීම සම්බන්ධයෙන් කණගාටු විය යුතු බවද හෙතෙම කීය. ඒ අනුව ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණය යටතේ පොදු ප්‍රවාහන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය. දියුණු රටවල බස් රථවලට කොන්දොස්තරවරයෙක් නැහැ. මුදල් භාවිතා කරන්නේ නැහැ. කාඩ් සිස්ටම් එකකට තමයි බස්රථවල ගමන් කරන්නේ. ලංකාවේ පොදු ප්‍රවාහනය ඩිජිටල් තාක්ෂණය අනුව කිරීමට යෝජනා ඉදිරිපත් කරන් කියා අපි ඉල්ලීම් කළා. ඒ අනුව මේ වන විට ආයතන 12ක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඇතැම් පාර්ශව මෙම කටයුතු කිරීමට ඉඩ දෙන් නැහැ. මෙම අර්බුදකාරී අවස්ථාවක මෙම කටයුතු කරන්න ඉඩ දෙන් නැත්නම් ඒ අයගේ නම් ගම් එක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

     

    එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සාර්ථක වනු ඇති බවත් එවිට නතර වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කළ හැකි බව ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    මේ වන විට හංගේරියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහනුවර, ගැටඹේ සහ කොහුවල ගුවන් පාලම් අතරමග නතරවී ඇති බවත් මේ හේතුවෙන් ජනතාව විශාල අසීරුතාවයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලංකාව පුරා ගමන් කරන අමාත්‍යවරු වශයෙන් මේ නිසා ජනතාව විඳින දුෂ්කරතා අපි දකිනවා. නමුත් මේ වන විට සියළුම විදේශ ආධාර යටතේ සිදු කෙරෙන ව්‍යාපෘති මේ වන විට නතර වී තිබේ.

    ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් එම ස්ථාන වලට කැඳවාගෙන ගොස් අපි මේ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. ණය ප්‍රතිව්‍යහගත කරන තෙක් මෙම මං මාවත් වල ගමන් කළ හැකි තත්වය ඇති කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 53 ක මුදලක් ලබා දීමට ඔවුන් එකග වි තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සාර්ථක වනු ඇති බව ට අපි විශ්වාස කරනවා . ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වූ විගස අතරමග නතර වූ මං මාවත් ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya