අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පරිසර දිනයට වැඩසටහන් රැසක් - පරිසර අමාත්‍යංශයේ ලේකම්

    මැයි 29, 2023

    ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

     මෙවර ජගත් පරිසර දින තේමාව " ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටුදකිමු " යන්න බවත් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව 1972 ජුනි මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පවත්වන ලද අතර මෙම සමුළුවේ සමාරම්භ දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි 5 වැනි දින ජගත් පරිසර දිනය ප්‍රකාශයට පත් කර තිබෙන බවද ලේකම්වරයා පැවසිය.

    මෙවර සමරනු ලබන්නේ 50 වැනි පරිසර දිනය බවත් ඒ අනුව ජගත් පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිවී ඇති බවද ලේකම්වරයා එහිදී කියා සිටියේය.

    මැයි මස 30 වැනි දින සිට ජුනි 5 වැනිදා දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්කර තිබේන බව කී ලේකම්වරයා , මැයි 30 වැනිදා රුක්රෝපණ දිනය ලෙසත් , මැයි 31 වැනිදා වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත් , ජුනි 1 වැනිදා පරිසර පවිත්‍ර කිරීමේ දිනය ලෙසත් , ජුනි 2 වැනිදා ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ලෙසත්, ජුනි 3 වැනිදා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් , ජුනි 4 වැනිදා තිරසර ඉඩම් කළමනාරණ දිනය ලෙසත් සහ ජුනි 5 වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත් ජගත් පරිසර දිනයේ සැමරුම් දින නම් කර ඇත.

    දිවයින පුරා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් එම පළාත්පාලන බල ප්‍රදේශ තුළ පරිසරය පවිත්‍ර කිරීම , ඉවත දමන ලද ප්ලාස්ටික් පොලිතීන් එකතු කිරීම , කසළ වර්ගීකරණය සහ කසළ කළමනාකරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර පවත්වාගනෙ යාම ඇතුලු පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට ජාතක ඩෙංගු මර්ධන ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නීලින් ආරියරත්න මහතා , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් කටයුතු අමාත්‍යංශයේ ‌ජේෂඨ සහකාර ලේකම් ඩබ්.පී.සී.ඒ් වීරසූරිය මහතා , නියෝජ්‍ය අධාපන අධ්‍යක්ෂ ඒච්.අයි.ඩී.පී හේට්ටිආරච්චි මහත්මිය , මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ඒස් පතිරගේ මහතා , පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් පරිසර අධ්‍යාපන හා පරිසර ව්‍යාපෘති ඩබ්.ජී කුමාරගම මහත්මිය ද ඒක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya