අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා සාධක යනු ලෝකයටම අයිති සම්පතක් - බුද්ධ ශාසන,ආගමික කටයුතු අමාත්‍ය

    මැයි 29, 2023

    පුරාවිද්‍යා සාධක යනු ජාතියකට හෝ ආගමකට අයත් දෙයක් නොවන අතර එය මුළු රටටම පමණක් නොව ලෝකයටම අයිති සම්පත් බවත් අපේ රටේ ගමන් මග පිළිබඳ ඉතිහාසය එමඟින් පිළිබිඹු කරන බවත් ජාති ආගම් බැහැර කොට මිනිසුන් ලෙස එකිනෙකා අතර අවබෝධයක් ගෞරවයක් ඇතිව, අපි සියළු දෙනාම එකට එක් වී කටයුතු කළ හැකි නම් එය රට වෙනුවෙන් ගත හැකි වටිනා තීරණයක් බව බුද්ධ ශාසන,ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, උතුරු පළාතෙහි පුරාවිද්‍යා ප්‍රශ්න සම්බන්ධයෙන් එම ප්‍රදේශයන් හී දමිළ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

    උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවල දී ප්‍රශ්න කිරිමත්, කුරුන්දිමලේ සහ වඩුකනාරි වල තිබෙන නීතිමය කටයුතු වලින් අනතුරුව සියළු දෙනාටම එකඟ විය හැකි වැඩපිළිවලක් සකස් කිරීමට සියළු දෙනා මෙම සාකච්ඡාවේ දී එකඟ වු මෙහි දී ශිවන් කෝවිලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ද අවධානය යොමුවිණි.එමෙන් ම එහි මැනුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට ද එකඟතාවය පළ විණි.

    එසේම ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍යතුමා විසින් අමාත්‍යංශ බලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුනි.

    මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් මන්ත්‍රීවරු,අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම්වරු ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya