මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශවලට නව බස් රථ

    මැයි 29, 2023

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස, කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම 27 දින සිදු කෙරිණි.

    අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා ගණනාවකට සහභාගි වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද මෙම බස් රථ ධාවනයට එක්කිරීම සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කළ අතර, මෙසේ අවිස්සාවේල්ල ඩිපෝව මගින් නව බස් රථ එක් කළ ග්‍රාමීය මාර්ග මෙසේ ය

     

    01) අවිස්සාවේල්ල සිට බොල්ලතාව අකරවිට හරහා හංවැල්ල දක්වා ...

    02) කඩුගොඩ හංවැල්ල මාර්ගය සඳහා...

    03) අවිස්සාවේල්ල සිට කුඩගම අක්කර 20 දක්වා....

    04) අවිස්සාවේල්ල කොස්ගම කනම්පැල්ල හරහා හරහා පූගොඩ දක්වා....

    05) අවිස්සාවේල්ල ඉලුක්ඕවිට තුම්මෝදර දඹෝර බෝපේ හරහා පාදුක්ක දක්වා ....

     

    මෙම බස් රථ ප්‍රදානය කිරීම, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

    බස් රථ ප්‍රදානය කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලයනල් කාරියවසම්, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල සංවිධායක නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ, සීතාවක පළාත් පාලන ආයතන,හිටපු මහජන නියෝජිතයන් වන යූ.ඒ එච්. උබේසිංහ , සමන්ත උදය කුමාර ගමගේ, නන්ද කුමාරසිංහ, කෝකිල සම්පත් ,මෙන්ම බුද්ධික රූපසිංහ යන මහත්තුරුද තවත් ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද සහභාගී වූහ.

    අකරවිට, අක්කර විස්ස ආදි ගම්මානවල ජනතාව මහත් හරසරින් බස්රථ පිළිගන්නා ලදී .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya