2021 මහකන්නයේ සිට ගොවිජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික සහ රසායනික පොහොර සඳහා පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ ණය මුදල රුපියල් මිලියන 20,000 කට වැඩි බවත් තවත් ගෙවීමට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 2000ක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳව කාෂිකර්ම අමාත්‍යාංශයේ (25) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
රජයෙන් අය විය යුතු ණය මුදල් නොගෙවීම හේතුවෙන් 2022 යල කන්නයේදී පුද්ගලික අංශය යුරියා පොහොර මිටියක් රුපියල් 40,000කට ආසන්න මුදලකට අලෙවි කර තිබේ.
නමුත් මේ වනවිට ඔවුන්ට ගෙවීමට තිබු ණය මුදල්වලින් සියයට 90කටත් වඩා වත්මන් රජය ගෙවන ලද බැවින් මේ වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇත.
ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමග ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳ පොලේ යුරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු යොදා ඇති බැවින් යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.