නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියයට 35% අගය එකතු කිරීමකින් තොරව,කිසිදු ආකාරයක ප්‍රති අපනයනයක් ශ්‍රී ලංකාවෙන් සිදු කරන්න බෑ- මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සෙමසිංහ

    මැයි 26, 2023

    පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අනුව,සියයට 35%ක අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රති අපනයනයක් සිදු කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සෙමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කරුංගා සඳහා අගය එකතු නොකර ප්‍රති අපනයනය කෙරෙන බවට ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අනුව, සියයට 35%ක අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රති අපනයනයක් කරන්න බෑ. විපක්ෂ නායකතුමා  පැවසූ කාරණය පිළිබඳ තොරතුරු අරගෙන ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නම්. සියයට 35% අගය එකතු කිරීමකින් තොරව,කිසිදු ආකාරයක ප්‍රති අපනයනයක් ශ්‍රී ලංකාවෙන් සිදු කරන්න බෑ  යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya