අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුවරු බඳවා ගැනීමේ විභාගය නැවත පැවැත්වීමේ අවසරය ලබාගැනීමට නීතිපති මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට බලාපොරොත්තු වෙනවා

    මැයි 26, 2023

    ශේෂ්ඨාධිකරණ නියෝගය මත අත් හිටවූ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමේ විභාගය නැවත පැවැත්වීමේ අවසරය ලබාගැනීමට නීතිපති මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට බලාපොරොත්තු වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

    වැඩබලන විදුහල්පති ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    2018-2019 සහ 2020 සඳහා රජයේ රැකියා සඳහා සංවර්ධන නිලධාරින් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් තිබුණා. රැකියා විරහිත උපාධිධාරී සංවර්ධන නිලධාරින් 53,000ක් සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් පුහුණුවීමට අනුයුක්ත කළා. ඉන් 22000ක් පමණ පාසල් සඳහා පුහුණුවට අනුයුක්ත කර තිබුණා.

    රජයේ සේවයින් ලෙස මේ පිරිස වැටුප් ලබනවා.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වැටුප් ශීර්ෂය යටතේ. ගුරු හිඟය් මඟ හරවා ගැනීමට තෝරා ගැනීමට අයදුම් පත් කැඳවා විභාගයක් පවත්වා, අයදුම්පත් කැඳවා,පළාත් මට්ටමින් ව්‍යුහගත සම්මුඛපරීක්ෂණ පවත්වා,වර්ෂ තුනක් තුළදී ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පිරිනමන ගුරු අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගැනීමෙන් පස්සේ ස්ථීර කිරීමේ පදනම මත ගැසට් නිවේදනයක් නිකුත් කළා.

    විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගයට අයදුම්පත් කැඳෙව්වා. අයදුම් පත් කැඳෙව්වට පස්සේ විවිධ විෂය යටතේ අයදුම්පත් 52000ක් ලැබුණා. එම 52000 කැඳවා, දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන පිහිටුවලා,විභාය පැවැත්වීමට දින නියම කරලා, මාර්තු 26 දිනය තිබෙද්දි, පෙත්සම් කීපයක් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා.
    ශේෂ්ඨාධිකරණය විභාය අත් හිටුවන්න තහනම් නියෝගයක් නිකුත් කළා. 26,000ක් ගුරුවරු ලබාදෙන්න සැලසුම් කර තිබුණේ. එහෙත් සැලසුම නතර කරන්න සිදු වුණා. නීතිපති මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට බලාපොරොත්තු වෙනවා , කරුණු පැහැදිළි කරලා, විභාගය නැවත පැවැත්වීමට අවසරය ලබාගැනීමට.අවසරය ලැබුණොත් ඉතා කෙටි කාලයකින් බඳවාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදෙන්න පුළුවන්.

    මේ අතර තවත් විද්‍යාපීඨ ගුරු පත්වීම් 7500ක් ජූනි 15 වෙනිදාටත් ,අලුතෙන් ඇතිවෙන පුරප්පාඩු සඳහා අත්‍යාවශ්‍ය විෂයන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා දැනට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    එමෙන් ම වැඩබලන විදුහල්පති ගැටළුවට මාස තුනක් තුළ විසඳුමක් ලබාගැනීමට එකඟ වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya