මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායලයේ රැකියාවලට 58වන කණ්ඩායමත් පිටත්ව යයි

    මැයි 26, 2023

    ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 58 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (25 දින) බත්තරමුල්ලෙහි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

    අට දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම 2023.05.28 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 350 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

    එම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya