අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක්- සුබවාදී ලකුණක්- වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    මැයි 25, 2023

    නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති බවත් එය ආර්ථිකය යළි අවදිවෙමින් ඇති බවට සුබවාදී ලකුණක් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මුදල් පනත යටතේ ක්‍රියාත්මක නියෝග කිහිපයකට අදාළ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා අද (26) මේ බව පැවැසීය.

    රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැරි ඇති බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා පැවසුවේ, එවැනි ණය කපා හැරීමක් පිළිබඳ සිතිවිල්ලක් හෝ රජයට නොමැති බවයි.

    මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙක මගින් නිකුත් කළ ප්‍රකාශ සභා ගත කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමස්ත ජනතාව ණය බරින් සිටින මොහොතක මෙවැනි අසත්යි ප්‍රචාර සියලු ජනතාව පීඩාවට පත් කරන බවයි.

    2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් වාර්තා කර තිබේ. මීට පෙර එවැනි ධන අගයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ දීය. 2021 වසරේ පළමු කාර්තුව තුළ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 1009ක හිගයක් අගයක් පෙන්නුම් කළ අතර 2022 වසරේ දී එම හිගය දැක්වුණේ බිලියන 894ක් අගයක් ලෙස ය. 2023 වසරේ මුල් කාර්තුව තුළ රජයේ ආදායම රුපියල් බිලියන 635ක් ලෙස දැක් වෙන අතර වියදම රුපියල් බිලියන 1260කි. ඉන් රුපියල් බිලියන 637ක ණය පොලී වාරික ඉවත් කළ විට වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 587ක් ලෙසිනි. ඒ අනුව 2023 වසරේ එම කාලය තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් පෙන්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    නිදහස් ශ්රීය ලංකාවේ මීට පෙර අවස්ථා පහක දී ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත. 1954 වසරේ දී පළමු වරට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 57කි. 1955 වසරේ දී ද ධන අගයක් වාර්තා වී අතර එම ප්රකමාණය රුපියල් මිලියන 150කි. ඉන් පසු ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත්තේ 1992 වසරේ දීය. එම ප්රමමාණය රුපියල් මිලියන 177කි. 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ රුපියල් මිලියන 2071ක ධන අගයක් සනිටුහන් විය. අවසාන වශයෙන් ධන අගයක් වාර්තා වූ 2018 වසරේ දී එම අගය දැක්වුණේ රුපියල් මිලියන 91,421ක් ලෙසිනි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya