අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව රටට ඉදිරියට යාමට නොහැකියි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මැයි 25, 2023

    ණය ප්‍රතිව්‍යුහගතකිරීමෙන් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙම වර්ෂය අවසානයේ උද්ධමන අනුපාතය තනි ඉලක්කමට ගත හැකි බවත් රුපියල ශක්තිමත් කරමින් නැවතත් ආර්ථිකය යථා තත්වයට ගැනීමට හැකිවනු ඇතැයිද හෙතෙම කීය. මුදල් පනත යටතේ ක්‍රියාත්මක නියෝග කිහිපයකට අදාළව අද (25) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට යෝජනා 4ක් ඉදිරිපත් කර ඇති බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම යෝජනා හැර වෙනත් විසඳුමක් නොමැති බවයි. රජයේ ආදායම හැකිතාක් වැඩි කර ගැනීම, වියදම් අඩු කර ගැනීම, අයවැය පරතරය 5%ට වඩා අඩු මට්ටම ට ගෙන ඒම, රටින් ඇතළට ගලා එන විදේශ විනිමය වැඩි කර ගැනීම සහ රටින් පිටතල ගලා යන විදේශ විනිමය අඩු කර ගැනීම එම යෝජනා වේ.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    රට හැදෙන්න නම් මෙම ක්‍රියාමාර්ග 04ට අපි හැමෝටම එකග විය යුතුයි.රට හැදෙන්න නම් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% දක්වා වත් වැඩි කර ගත යුතුයි. එවිට අයවැය පරතරය 5% මට්ටමට පවත්වා ගත හැකියි.

    අපි හැමදාව ආණ්ඩුවේ වියදම් වැඩි කර ගත්තත් ඊට සරිලන පරිදි ආදායම් සොයා ගෙන නැහැ. වෙනත් රටවල් ආදාර්ශයට ගනිමින් අපනයනය විවිධාංගීකරණයන් ඇති කළ යුතුයි.

    ඉන්දියාව IT Exports වලින් වසරකට මිලියන 200කට වැඩිය හොයනවා. ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය වගේ රටවල තොරතුරු තාක්ෂණය මෙහෙයවන්නේ වැඩි වශයෙන්ම ඉන්දියානුවන් විසින්. එය සිදු කිරීමට මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට දරුවන් වැඩි වශයෙන් යොමු කළ යුතුයි. ලංකා වේ තොරතුරු තාක්ෂණනේ අපනයනය කර සොයන්නේ ඇමරිකානු ඩොලර 1.75ක් පමණයි.

    මේ සඳහා අධ්‍යාපන ක්‍රමයේ පළල් වෙනසක් සිදු කර තාක්ෂණික ශ්‍රමිකයින් අපනනයනය කළ යුතුයි. දරුවන් තොරතුරු තාක්ෂණය සඳහා යොමු කළොත් තොරතුරු තාක්ෂණය අපනයනය කර විශාල මුදලක් ඉපයිය හැකියි. ඉන්දියාව බලාපොරොත්තු වන්නේ මීළග වසර පහ තුළ වෛද්‍යවරු ලක්ෂයක් සෑදීමයි. අපේ රටේ අය වෙන රටවල් වලට යන්න පෝලීමේ ඉන්නවා. නමුත් මේ ආකල්පය වෙනස් කළ යුතුයි. හෙද ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර සඳහා වැඩි වැඩියෙන් පුහුණු ශ්‍රමිකයෝ විදෙස් ගත කළ යුතුයි. අපනයනය විවිධාංගීකරණයක් සිදු කළ යුතුයි. ඉන්දියාව මුළු ලෝකෙටම චිත්‍රපටි පෙන්වනවා. ඒ තුළින් විශාල වශයෙන් ආදායම් මාර්ග ඇති වෙලා තිබෙනවා. අපේ රටෙත් එවැන් දක්ෂ පුද්ගලයින් ඉන්නවා. එවැනි ක්ෂේත්‍ර සඳහා යොමු කළ යුතුයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya