අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට රැකවරණය දෙන වැඩපිළිවෙලක් - ඉදිරියේ දී සමාජ බුද්ධි ඒකකයක්-ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    මැයි 25, 2023

    දරුවන්ට රැකවරණය දෙන වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඉදිරියේ දී සමාජ බුද්ධි ඒකකයක් සැකසීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවේ දී තවදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    මේ වසර ඇතුළත අඳුරු යුගයෙන් ඔබ්බට ඇවිත් සුබවාදීව රට ගැන කතා කරන්න හැකි වී තිබෙනවා. බාහිර බලපෑම් ආවට මේවා සමහර දේශපාලන නායකයින්ගේ වුවමනාවට වූ කරුණු කාරනා කියලා පිලිගන්න වෙලා. රට ආර්ථික වශයෙන් අපහසුතාවට පත් වී තිබෙද්දී මේ රට භාර ගන්න මේ රටේ සියලු නායකයින්ට ආරාධනා කළා. අගමැතිකම ගන්න කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා බර කරට ගත්තා. රට මේ තත්ත්වයට ගෙන ඒම ගැන එතුමට හා රජයට ස්තූතිවන්ත වෙනවා. මේ රටේ ජනයා සියලු දුක් දරාගත් නිසා තමයි, අපිට කෙටි කලකින් හෝ අස්වැසිල්ලක් ලබාගන්න හැකි වුණේ. ඒ ජනතාවගේ ඉවසීම හා දරාගැනීම නිසයි.

    වැටෙන්න ඕන නැගිටින්න.අපිට වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙස සළකන්න ඕන. එකතැන පල් වූ සමාජ ,ආර්ථික දේශපාලන ක්‍රමයකට යනවද?,මේ රටේ දියුණුව ප්‍රගමනය වෙනුවෙන් වැඩකරනවද?. ප්‍රශ්න භේද පසෙකලා,රටක් ලෙස වැඩකරන්න අවස්ථාව ලැබී තිබෙනවා.

    පොසොන් උත්සවයත් අපි සමරනවා. කරුණාකරලා තමුන්ට හැකි ශක්තියේ විදියට පොසොන් උත්සවය සමරන්න ඉදිරියට එන්න. සිවිල් ආරක්ෂක බලකායේ 33000ක් පමණ සේවය කරනවා.එදා මායිම් ගම්මානවල ආරක්ෂාවට විශාල සේවයක් කළ. විශ්‍රාම ගැන්වීම සඳහා පොලීසිය මෙන් අවස්ථාව දෙන්න කියලා ඔවුන් කියනවා. ඒ සඳහා අවධානය යොමු කර තිබෙනවා. අලි වැට බලාගන්න 10000ක පිරිසක් යොදා ගෙන තිබෙනවා. මෙය දීර්ඝ ලෙස කරන්න අමාරුයි. යම් සැළැස්මක් කරන්න සිදු වෙනවා. බලාපොරොත්තු වෙනවා,පැහැදිළි වැඩපිළිවෙලක් තාක්ෂණය සමඟ කටයුතු කළ යුතුයි. බිලියන 06ක පමණ මුදලක් අලි වැට ආරක්ෂා කරන්න රජයට දරන්න වීම කණගාටුදායක සිදු වීමක්.
    තරුණ තරුණියන් පාසල් මට්ටමින් අපයෝජනයට ලක් වූ අවස්ථා දැක්කා.කළුතර සිද්ධියක් වුණා. අපිට සිද්ද වෙනවා, දරුවන් ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කරන්න. ජාතික ශිෂ්‍ය බට බලකාය එක්ව උතුරේ නැඟෙනහිර තරුණ තරුණයින් එක්ව නායකත්වය, විනය දෙන්න, එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ආරක්ෂාවට සමාජ බුද්ධි ඒකකයක් හදන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ට රැකවරණය දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා''යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya