අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ ඩෙංගු පරීක්ෂාව ඩ්රෝන තාක්ෂණය මගින්

    මැයි 25, 2023

    ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම අද (25) පෙරවරුවේ ගම්පහ නගරයේදී ආරම්භ කෙරිණි.

    නිරීක්ෂණ ඩ්රෝන කැමරා මගින් ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම ප්‍රථමයෙන් සිදු කරන අතර පසුව කීට නාශක යෙදීම සිදු කරනු ඇත.

    මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,  සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ මගින් පසුගිය කාලය තුළ ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය 50%කින් පමණ අඩු වී ඇති බවයි.

    ඉදිරියටත් සති 03කට වැඩි කාලයක් මේ ක්‍රියාමාර්ග ගත් විට මේ තත්ත්වය පාලනය කළ හැකි වෙනවා. රෝගීන් වාර්තා වීමේදී වැඩි ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැලණිය ප්‍රදේශවලින් වාර්තා වුව ද එය ද යම් මට්ටමකට අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතී. මේ තත්ත්වය වළක්වා ගන්න නම්, පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ නිවස හා අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදු කර ගන්නා ලෙසයි. මෙය සෞඛ්‍ය අංශයට හෝ පොලිසියට පමණක් සිදු කළ හැකි කාර්යයක් නොවන බවත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.

    ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේදී හඳුනා ගැනිණි. එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම පිනිස ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා මෙහිදී පැවසීය.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි ඩ්රෝන තාක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මෙම අවස්ථාවට ගම්පහ දිස්තික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල , දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජයන්ත අබේරත්න,  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ,  කීට විද්‍යාඥ රසිකා දල්පදාදු , වසංගත රෝග වේදඥ වෛද්‍ය තිලක් උදයසිරි යන මහත්ම මහත්මීන්ද,  ගුවන් හමුදා සැරයන් නිරංජිත් එපිටවෙල මහතා ඇතුලු සාමාජිකයින්,  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , නගර සභා සෞඛ්‍ය අංශය සහ ඩෙංගු මර්දන සහායකයන් එක්ව සිටියහ. 

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya