අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා ලෙස පමණක් නොව ජනාධිපතිවරයා වෙනුවෙන්ද පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගය කරනවා- නව මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියට සුබ පතනවා

    මැයි 25, 2023

    පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ දීර්ඝ කාලීන සේවය අගමැති ලෙස සහ ජනපති වෙනුවෙන්ද අගය කරන බවත්, නව මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියට සුබ පතන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  (25 දින ) පැවසිය.

    ඔහු මේ බව කියා සිටියේ, විශ්‍රාම ගත් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවතී ගුණ කථනය අවස්ථාවේදීය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

     

    “ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මහ ලේකම් හැටියට කතානායකවරු ගණනාවක් සමඟ කටයුතු කළ ධම්මික දසනායක මහ ලේකම්තුමා විශ්‍රාම යෑම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුව විශේෂයෙන් රැස්වී, එතුමාට සුබ පතන්ටත්, එතුමාගේ සේවය අගය කිරීමටත් යොමු වීම සුවිශේෂ අවස්ථාවක්. ධම්මික දසනායක මැතිතුමනි, ඔබතුමාට පළමුව සුබ පතනවා. ඒ වාගේම ඔබතුමා ඉටු කළ දීර්ඝ කාලීන සේවාව යළිත් ගෞරවයෙන් අගය කරනවා.

    පාර්ලිමේන්තුව නිතර රැස්වෙන්නේ නෑ මෙැවනි අවස්ථාවක් සඳහා ගරු කතානායකතුමනි, මහ ලේකම්වරයෙකු පත්වීමත්, මහ ලේකම්වරයෙකු විශ්‍රාම යාමත් සාමාන්‍ය පාර්ලිමේන්තුවේ විරල රැස්වීමක් ලෙසයි සලකන්නේ. ඒ වාගේම ගෞරවාන්විත රැස්වීමක් ලෙසයි සලකන්නේ. ඒ අයට ඒ ලබා දිය හැකි උසස් කෘතවේදීතාවය හා ගෞරවය ලබා දීම සඳහා ඒ හැකියාවෙන් කටයුතු කරන්න පුළුවන් වීම මම හිතනවා ධම්මික දසනායක අපේ මහ ලේකම්තුමාට පළමු කොට උරුම කරන්නට හැකි වුණු සුවිශේෂ අවස්ථාවක්.

    අපි පාර්ලිමේන්තුවේ දීර්ඝ ඉතිහාසය තුළ ඒ ඉතිහාසය පිළිබඳවත්, ඒ සම්ප්‍රදායන් හා සම්මතයන් පිළිබඳවත් ඒ වාගේම, පාර්ලිමේන්තුව හා මන්ත්‍රීතුමන්ලා, රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ඒ වාගේම මහජනතාව සමඟ ද කටයුතු කරන අවස්ථාවලට කතානායකුතමාට අතිරේකව මැදිහත් වන ප්‍රධාන පාර්ලිමේන්තු නිලධරයා ඔබතුමයි. එය සුවිශේෂ වගකීමක්. ලේසි පහසු වගකීමක් නෙවෙයි.

    ඔබතුමාගේ පසුබිමේ, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පසු රජයේ අධිනීතිඥවරයෙක් හැටියට තිබුණු ඒ දැනුම් සම්භාරය මං හිතනවා විශේෂ වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කිරීමට එව්වට ඒ නීතිය සමහරවිට සම්මත වෙන්නේ නෑ. පාර්ලිමේන්තුව එය විවාදයට ලක් කරනවා. ඒ අඩුපාඩුකම් හා එය සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම සංශෝධනයන් ඉදිරිපත් කරනවා. මෙවැනි අවස්ථාවක නීතිපතිවරයා පමණක් නොව, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හැටියට ද පැවරෙන්නේ ඉතාම ගැඹුරු වගකීමක්, අපේ මන්ත්‍රීවරුන්ගේ බලාපොරොත්තු හා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා.

    1994 සැප්තැම්බර් 15 වනදා සිට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තනතුරට ඔබතුමා පත්ව ඊට පසු නියෝජ්‍ය මහ ලේකම් තනතුරටද උසස් වී, ඒ වාගේම පුරා අවුරුදු 30ක සම්පූර්ණ කාලයකට පිවිස ද පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ ගෞරවය ලබනවා.

    මම ඉතිහාසයේ විවිධ අවස්ථාවල් කියවන්නට යන්නේ නෑ. ඔබතුමාට විශේෂයෙන් උරුම වුණා, ඊට කලින් හිටපු මහ ලේකම්වරු, විපක්ෂයේ සංවිධායකතුමා සඳහන් කරපු විදිහට The clerk to the House. The practices and conventions that we have to follow and once we also started drafting new standing orders and adding own as we move alone. ඒ හැම එකකටම ඔබතුමාට පසුගිය අවුරුදු 30 කාලයේදී එකතු වන්න පුළුවන් වුණු බව ගෞරවයෙන් සටහන් කරනවා.

    පළ‍වෙනියෙන් ආර්.ශාන්ත.එල්.පී. දැරණියගල මැතිතුමා මහලේකම්තුමා හැටියට, ලේකම්වරයා හැටියට කටයුතු කළා සෝල්බරි ව්‍යවස්ථාව යටතේ. සෑම් විජේසිංහ මැතිතුමා සෝල්බරි ව්‍යවස්ථාව යටතේත් කටයුතු කළා. ඒ වාගේම ඉන්පසු ඇතිවුණු 72 ව්‍යවස්ථාව යටතේත්, 78 ව්‍යවස්ථාව යටතේත් කටයුතු කරන්නේ නිහාල් සෙනවිරත්න මැතිතුමා. බර්ට්‍රම් තිත්තවෙල මහලේකම්තුමා හැටියට කටයුතු කළා. ධම්මික කිතිලුගොඩ මැතිතුමා මහලේකම්තුමා හැටියට කටයුතු කළා. ප්‍රියාණි විජේසේකර මහත්මිය මහලේකම්තුමිය හැටියට කටයුතු කළා. ඒ පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ගෞරවනීය අවස්ථාවට ධම්මික දසනායක මැතිතුමාත් කටයුතු කළා කියන ටික අපිට මේ අවස්ථාවෙදී විශේෂයෙන් රජය වෙනුවෙන් යළිත්වරක් හා අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ජනාධිපතිවරයා වෙනුවෙන් මේ අවස්ථාවේ කෘතවේදී ගෞරවය හා ස්තූතිය පුද කරනවා.

    ඔබතුමාගේ කාල පරිච්ඡේදය තුළ විශ්‍රාම යන අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්තුමා හැටියට අපත් සමඟ කටයුතු කරමින් තිබෙනවා. ගරු කතානායකතුමනි, කෙටි කලකින් පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්තේ පළමුකොට ඔබ එක්වුණු අවස්ථාවල. ඒ වාගේම සාම්ප්‍රදායික ලෙස වැඩි දියුණු කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයතන, අන්තර් ජාතික පාර්ලිමේන්තු සභාව IPU,CPU සාර්ක්, ඒ වගේ පාර්ලිමේන්තු කලාපීය සංවිධාන හා සුවිශේෂී ආයතන සමඟ ඒ සම්බන්ධ ජාලව ගොඩනඟා ගැනීමටත්, ශක්තිමත් කිරීමටත් දායක වුණා.

    ඒ වගේම අපි ආඩම්බර වෙනවා අපේ මහලේකම්තුමාට, අසමසම කෙනෙක් හැටියට අනිත් අය සමඟ කටයුතු කිරීමට පුළුවන් හැකියාවට පත් වීම ශ්‍රී ලංකාවට ගෞරවයක්. ඒ තුළින් ලබාගත් ගෞරවය ඔබට පමණක් නොව පාර්ලිමේන්තුවටයි හිමි වුණේ. ඒ නිසා අද දිනය විශ්‍රාම යන අවස්ථාවේ පොදු රාජ්‍ය මණ්ඩලය සංගමය නියෝජිත රටවල පුහුණුව සඳහා ද ඔබතුමා සුවිශේෂව ආරාධනයක් ලැබුවා. එය සෑම මහලේකම්වරයෙක්ටම ලැබෙන අවස්ථාවක් නෙවේ. ඔබතුමාගේ හැකියාව, ඔබතුමාට දායාද කළ හැකි මඟපෙන්වීම පිළිබඳ ගැඹුර එයයි.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා හැටියට මම හිතනවා කතානායකවරු 7 දෙනෙකු සමඟ කටයුතු කරන්න ඔබතුමාට පුළුවන් වුණා. ආණ්ඩු ගණනාවක කතානායකවරු හැටියටයි මේ කතානායකතුමාලා පාර්ලිමේන්තුවට නායකත්වය දුන්නේ. ඒ නිසා ආණ්ඩු වෙනස් වෙනකොට දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙනවා. නමුත් ඒ තුළ හෝ පාර්ලිමේන්තුවට හිමි ගෞරවය, ස්වාධීනත්වය, උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා බරපතල වගකීමක් ඉටු කරන්නට මහලේකම්වරයාට සිදු වෙනවා. එය අපි පසුගිය කාල පරිච්ඡේදය තුළ දැක තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ ගෞරවය, පාර්ලිමේන්තුවේ හිමි බලතලයන්, පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයට, ඔබතුමාගේ නායකත්වය පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම ලබා දුන්නා. මන්ත්‍රීවරු හැටියට ඔබතුමා සමඟ වාද විවාද අපි ඇතිවෙනවා. හැමදේකදම සවන් දී කටයුතු කරන්න පුළුවන් වූ හැකියාව සුවිශේෂයි.

    මම සිහිපත් කරනවා එක සිද්ධියක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. මගේ මිත්‍ර කිරිඇල්ල මැතිතුමා මෙතන ඉන්නවා. පාර්ලිමේන්තුව එක්තරා අවස්ථාවකදී, එකම ආසනේ මන්ත්‍රීවරු දෙන්නෙක් පත්කළා. පාර්ලිමේන්තුව පත්කරපු අවස්ථාවේ ඔබතුමා මහලේකම්තුමා නෙවෙයි. එවකට හිටියේ සෑම් විජේසිංහ මැතිතුමා. එතුමා එවකට හිටපු බලවතුන් සියලු දෙනාට කියා සිටියා දෙවෙනි මන්ත්‍රීවරයෙකුට ඉඩකඩ මේ පාර්ලිමේන්තුවේ නෑ කියලා.

    ඔහු ගෞරවාන්විතව ඉල්ලා අස්වී ගෙදර ගිය දෙවැනි මන්ත්‍රීවරයා. පාර්ලිමේන්තු ඉතිහාසයේ ආණ්ඩුක්‍රමයන් ආරක්ෂාකොට, පාර්ලිමේන්තුවේ ගෞරවයන් ආරක්ෂා කර දීමට ආපු සම්ප්‍රදායට ඔබතුමාද ඒ ආකාරයෙන්ම කටයුතු කළ වග විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මොකද පසුගිය අවුරුදු 30කට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නටත්, ඒ විවිධ අවස්ථාවලට මන්ත්‍රීවරු හැටියට, අමාත්‍යවරු හැටියට විවිධ තනතුරු දරමින් අද දිනය ඔබතුමාට මෙසේ සුබ පතන්න පුළුවන් වීම මම විශේෂයෙන් අගය කරනවා.

    පාර්ලිමේන්තුව මුහුණ දුන්නු බරපතළ අභියෝග තිබුණා. කිරිඇල්ල මැතිතුමා කිව්වා දෝෂාභියෝගය ගැන. දෝෂාභියෝගය ගැන රසවත් නොවන සිද්ධි තිබුණා. මම ඒවා සිහිපත් කරන්න යන්නේ නෑ. එතුමායි මමයි දෙන්නම දෝෂාභියෝගයට අත්සන් කරපු අය හැටියට එතුමාටත් මතකයි, මටත් මතකයි. අන්න එතුමා අතසන් කළේ නෑ කියනවා. මම හිතුවා අත්සන් කරයි කියලා. මම මෙතෙක් කාලයක් විශ්වාස කළා අත්සන් කළා කියලා. It’s not getting to debate. ඉතිං මම හිතනවා ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වය හොඳාකාරව මතකයි. පාර්ලිමේන්තුවේ තිබුණු බරපතළ අභියෝගයක් ඒ අවස්ථාවේදී. ඒ වගේම ඊට පස්සෙත් බරපතළ අවස්ථාවල් ඇතිවුණා. පාර්ලිමේන්තුවට පොලිසිය කැඳවන්න වුණු අවස්ථා තිබුණා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕනකම තිබ්බා. ඒ අවස්ථාවල මහලේකම්වරයා හැටියට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පැවත්ම හා ස්වාධීනත්වය මම හිතනවා ඔබතුමාට කටයුතු කරන්න පුළුවන් වුණු ඒ ශක්තිය හා ස්වාධීනත්වය පාර්ලිමේන්තුවටම ශක්තියක් බවට පත් වුණා. මේ වගේ ගැටුම්කාරී තත්ත්වයන් හරහා පාර්ලිමේන්තු කටයුතු කිරීමේදී ඒ සහයෝගය ලබාදීමට මා හිතනවා විශාල කැපවීමක් පාර්ලිමේන්තු නිලධාරීන් හා සේවක පිරිස් සමඟ ද කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ නොමැති විශ්‍රාම ගිය මන්ත්‍රීවරුන්ගේ ද අදහස් ඉදිරිපත් වෙන අවස්ථාවලටද අදහස් වලට සවන් දී කටයුතු සිද්ධකරන්න වෙනවා.

    ඒ නිසා එපමණක් නොව සමාජයේ විවිධ ආයතන ඒ සඳහා සම්බන්ධ වීම, එලෙස ගෞරවය පවත්වාගෙන යාමට පුළුවන් වීම අද කාල පරිච්ඡේදය හැටියට විශාල අභියෝගාත්මක තනතුරක් දරන්නට සිදු වෙනවා කියන එක සදහන් කරමින් ඔබතුමාගේ බිරිඳටත්, මේ දරුවන් සියලු දෙනාත් ඔබතුමා සමඟ බොහෝ විට කාලය කැප කරන්නට ඇති ඔබතුමාට මේ රාජකාරී කරන්න සිදු වෙන අවස්ථාවල. එසේ කරමින් ඒ ශක්තිය ලබා දුන්නාට සැක නෑ.

    මම එක උදාහරණයක් මතක් කරනවා ගෞරවයෙන්, ඔබතුමා ලේකම්වරයා හැටියට කටයුතු කළා, මම සභාපතිවරයා හැටියට වාර දෙකක් පත්වුණු පාර්ලිමේන්තුවෙන් පත් කරපු මැතිවරණ නීති සංශෝධනය කිරීමේ විශේෂ කාරක සභාවේ. මම සිහිපත් කරනවා ඔබතුමා ලේකම්වරයා හැටියටත් මම සභාපතිතුමා හැටියටත් මුහුණ දෙන්නට සිදු වුණු දින 200ක පමණ වූ එම දීර්ඝ සභා වාරයන් පවත්වපු අවස්ථාවන් රටේ විවිධ තැන්වලින් විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ඉදිරිපත් කරමින් අපි පළමු වරට මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඡන්ද නීතියන් වෙනස් කරන්නට පුළුවන් නිර්දේශයන්ගෙන් සමන්විත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි ලේකම්වරයා හැටියට මුල පුරමින් අලුත්ම සාකච්ඡාවකට ගමන් කරන්නට පුළුවන්කම පාර්ලිමේන්තුවට හා රටට ලබා දීමේ හවුල්කාරීත්වය දැරුවා.

    ඒ වාගේම විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රාශියක වාර්තාවල් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ වාර්තාවල් ඇති කිරීම සඳහා ද ඔබතුමා දායක වීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් බාහිරව සිටින විද්වතුන්, විශාරදයන්, විවිධ පර්යේෂකයන්ගේ ද දැනුම, අවස්ථාව වැඩි කර දෙන්නට ඒ වාර්තාවල්වලට ඔබතුමා මහ ලේකම්වරයා හැටියට ඒ කාරක සභාවල් මෙහෙයවීමට උදව් වීමෙන් හැකියාව ඇති වුණායි කියන ටික සඳහන් කරමින් පාර්ලිමේන්තුවට පමණක් නොව ඔබතුමාට නිරෝගී සුවය, චිරජීවනය සහිතව දිගු කලක් අපේ රටට, සමාජයට සේවය කරන්නට මෙම තනතුරෙන් විශ්‍රාම ගියත් මේ රටේ ජනතාව හා ඒ ඇති කර තිබෙන සම්බන්ධ ජාලාව කටයුතු කරාවී කියන ටික ඔබතුමාට පිටව යන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා හැටියට සඳහන් කරමින් සුබ පතනවා ඒ සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.

    ඒ වගේම ගරු කතානායකතුමනි, අලුතෙන් මහ ලේකම් ධූරයට පත්ව තිබෙන කුෂානි රෝහණධීර මහත්මියට සුබ පතනවා එම ධූරයේ කටයුතු තම මහ ලේකම්වරු දීර්ඝ කාලීනව ඉටු කරා සේම පාර්ලිමේන්තුවටත්, රටටත් ඉටු කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා. ස්තූතියි. ”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya