අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩි සාමාජිකත්වයක් සිටින වෘත්තීය සමිතිවලින් ජාතික කම්කරු උපදේශක සභාවට සාමාජිකයින් පත් කර තිබෙනවා - කම්කරු අමාත්‍යාංශය අවධාරණය කරයි

    මැයි 25, 2023
     
    සියලුම පත්කිරීම් කර තිබෙන්නේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් අනුවයි
    කම්කරු නීති වෙනස් කිරීම් ගැන අදහස් දැක්වීමේ වේදිකාව සියලුදෙනාටම විවෘතයි - කම්කරු අමාත්‍යාංශය අවධාරණය කරයි
     
    ජාතික කම්කරු උපදේශක සභාවට නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සංගමය සහ තවත් වෘත්තීය සමිති තුනක් ඉදිරි වසර සදහා ඇතුළත් නොකිරීම, අමාත්‍යාංශයේ වාර්ශික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කරයි.
     
    ජාතික කම්කරු උපදේශක සභාවේ පත් කිරීම් වාර්ශිකව සිදුවන අතර එම පත් කිරීම් වසරක කාල සීමාවක් සදහා පමණක් වලංගු වේ. ඒ අනුව ජාතික කම්කරු උපදේශක සභාවට 2022 වසරේදී කරනු ලැබූ පත් කිරීම් 2023 වසරේදී කල් ඉකුත්වූ අතර ඒ බව පත්වීම් ලිපියේ පැහැදිළිව සදහන් කර ඇති බව අමාත්‍යාංශය සදහන් කරයි.
     
    ජාතික කම්කරු උපදේශක සභාවේ ව්‍යවස්ථාව අනු අත්තනෝමතික ලෙස වෘත්තීය සමිති නියෝජිතයින්, එයට පත් කිරීමට නොහැකි අතර වඩාත් පුළුල් සාමාජික පදනමක් සහිත වෘත්තීය සමිති එහි නියෝජනය කළ යුතු වේ. ඒ අනුව වඩාත් වැඩි සාමාජික සංඛ්‍යාවක් ලගාකරගත් නව වෘත්තීය සමිති සදහාද නියෝජනයක් ලබාදිය යුතු වේ. ජාතික කම්කරු උපදේශක සභාවට තෝරා නොගත් වෘත්තීය සමිතිවලට වැඩි සාමාජිකත්වයක් ඉදිරි වසර තුළදී එක් කරගැනීමට හැකියාව ලැබෙන්නේ නම් ලබන වසරේදී එම උපදේශක සභාවේ සාමාජිකත්වය ලබාගැනිමට අවස්ථාව තිබෙන බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 
     
    ජාතික කම්කරු උපදේශක සභාව සදහා වන පත් කිරීම් කිරීමේ ක්‍රියාවලියේ දී සාමාජික දෝශ නිවරදි කිරීම සදහා ජනවාරි මාසයේදී අවස්ථාව ලැබුණ අතර ඇතැම් වෘත්තීය සමිති එයට ප්‍රතිචාර දක්වමින් තම සාමාජික දෝශ නිවරදි කරගෙන තිබේ. නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සංගමයද වෘත්තීය සමිතියක් විසින් කම්කරු දෙපාර්තමේන්තුවට සැපයි යුතු තොරතුරු සපයා ඇති අතර ඒ මත සාමාජික ශක්තිය තීරණය කර ඇත. 
     
    ඇතැම් වෘත්තීය සමිති ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකත්වය  ලබාගැනීමට උත්සාහ ගෙන තිබූ අතර නිවරදි දත්ත ඉදිරිපත් කර තිබූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සිටින වෘත්තීය සමිතිවලට පමණක් සාමාජිකත්වය ලබාදීමට කටයුතු කර තිබුණි.
     
    සැබෑ කම්කරුවන්ගේ හඩ ජාතික කම්කරු උපදේශක සභාව තුළට ගෙන ඒමට නම්, එම සභාවේ ව්‍යවස්ථාවට ගරු කරමින් විශ්වසනීය දත්ත මත පදනම්ව වෘත්තීය සමිති තෝරා ගැනීම සිදු කළ යුතු බව අමාත්‍යාංශය තරයේ විශ්වාස කරයි. 
     
    කම්කරු නීති වෙනස් කිරීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදී නොමැති බවට වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යාංශය පවසයි. කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දැනට පවතින මහජන උපදේශනය සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමේ වේදිකාවේ අදහස් දැක්වීමට ඕනෑම පාර්ශවයකට අවස්ථාව ලබාදී ඇති අතර ඒ බව ජාතික පුවත්පත් හරහා ප්‍රසිද්ධ නිවේදන ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ. 
     
    ඒ අනුව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන් සදහා පහත සදහන් වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වී තිබේ.
     
    1. ඇන්ටන් මාකස් මහතා - සම ලේකම්, නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සංගමය
    2. ලෙස්ලි දේවේන්ද්‍ර මහතා - මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
    3. ස්වස්තික අරුලිංගම් මහතා - නියෝජ්‍ය මහ ලේකම් එක්සත් කම්කරු සම්මේලනය
    4. පාලිත අතුකෝරළ මහතා - සභාපති , ශ්‍රී ලංකා නාවික ජාතික සම්මේලනය
    5. එස්.පී. නාතන් මහතා - මහ ලේකම් සී.එම්.යූ
    6. පීටර් අල්මේදා මහතා - නියෝජ්‍ය මහ ලේකම්, සී.එම්.යූ
    7. නිශාන්ත වන්නිආරච්චි මහතා - ලංකා වතු සේවක සංගමය
    8. එස්.වී. ලියනාරච්චි මහතා - නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සංගමය
    9. චමින්ද පෙරේරා මහතා - නියෝජ්‍ය මහ ලේකම් ලංකා වෙළද සංගම් එකමුතුව
    10. ජනක අධිකාරී මහතා - මහ ලේකම්, අන්තර් සමාගම් සේවක සංගමය
    11. භාරත් අරුල්සාමි මහතා - සහකාර ලේකම් ලංකා වතු කම්කරු කොංග්‍රසය
    12. චන්න ශ්‍රීනාත් දිසානායක මහතා - සභාපති, ලංකා බැංකු සේවක සංගමය
    13. රොබට් ෆ්‍රැන්සිස් මහතා - මහ ලේකම්, සී.ඊ.එස්.යූ
    14. ඩී. විජේගුණවර්ධන මහතා - නියෝජ්‍ය මහ ලේකම්, සී. ඊ. එස්. යූ
    15. එස්. මුරුගයියා මහතා - ඒකාබද්ධ වතු වෙළද සංගම් මධ්‍යස්ථානය 
     
    කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ සැසිවාර දෙකක් 24 වැනිදා සහ 31 වැනිදා පැවැත්වෙන අතර ඒ සදහා සහභාගී වී අදහස් දැක්වීමේ අවස්ථාව විවෘතව පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya