මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන කොමිෂමක සභාපතිවරයාට දේශපාලන තීන්දු ගන්න බෑ- බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

    මැයි 24, 2023

    ආණ්ඩුව ස්වධීන කොමිෂන් සභාවලට පහර එල්ල කරනවා කියලා පෙන්වන්න විපක්ෂය හා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා උත්සහ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ යෝජනාවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් වහල දැමීමක් නොවේ ස්වාධීන කොමිෂන් සභාවක සිටිය යුතු පුද්ගලයින් පත් කිරීමට අවස්ථාව සළසා ගැනීමටයි. දේශපාලන ගැලරිය පිනවීමට සභාපතිවරයා සිදු කරනවා. ස්වාධීන කොමිෂමක සභාපතිවරයාට දේශපාලන තීන්දු ගන්න බෑ.රජය පත් කරන ඇමතිවරු තීන්දු තීරණය කරන්න බලයක් නෑ. මහජන උපයොගිතා කොමිෂමට තිබෙන වගකීමක් නොවේ එය. කොමිෂමට තිබෙන වගකීම තමයි,රජය විසින් ලබාදී තිබෙන විදුලි බල කර්මාන්තය නියාමනය කිරීම.

    2014 සිට නිසි කලට මහජන උපයොගිතා කොමිෂමෙන් වරදක් වෙල තිබුණා. නිසි කලට විදුලි ගාස්තු සංශෝධනය නොකළ නිසා, විදුලි බල මණ්ඩලයත් අකර්මන්‍ය වී තිබෙනවා. මහාභාණ්ඩාගාරය බරපතල හානියකට පත් වී තිබෙනවා.ගාස්තු සංශෝධනය අවුරුදු 09කට පස්සේ සිදු කිරීමට වීම නිසා විශාල බරක් පාරිභෝගිකයා ට දරන්න සිදු වෙලා තිබෙනවා. මේ කටයුත්තෙන් පසු විදුලි බල මණ්ඩලය ලෙස,මෙම ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව පියවා ගැනීමට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.

    මේ රටේ ජනතවට අඛණ්ඩව විදුලිය ලබාදීමට රජය මෙන් ම විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. දේශපාලන මත තිබෙන්න පුළුවන්. ගාස්තු වැඩි කරන්න රජය හෝ කවුරුත් කැමැති නෑ. අවාසනාවන්ත තැනකට ඇවිත් තියෙන්නේ. ජනන සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධන වගකීම තිබෙන්නේ මහජන උපයොගිතා කොමිෂන් සභාවටයි.අලුත් විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ මහජන උපයොගිතා කොමිෂමටත් සංශෝධනයක් ගේනවා. ඒ සංශෝධනය ගේන්නේ මහජන උපයොගිතා කොමිෂම මේ රටේ වගකිව යුතු ආයතනයක් ලෙස කටයුතු කළ යුතු යන තීරනය මත යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya