අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය ඇරඹේ

    මැයි 24, 2023

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    යෝජනාව සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

    අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය මෙසේ විවාදයට ගත්තේ ය.

    විවාදය බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ආරම්භ කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya