නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය අද

    මැයි 24, 2023

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම මැයි 24 වැනිදා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

    මේ අනුව පාර්ලිමේන්තුව ඊයේ (23 ) සිට 26 දක්වා රැස්වීමට නියමිතය. අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතය.

    අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya