නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් ජනතාවට ඉදිරි මාස කිහිපය තුළ තව තවත් සහන ලබා දිය හැකියි- වෙළෙඳ අමාත්‍ය

    මැයි 23, 2023

    ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් ජනතාවට ඉදිරි මාස කිහිපය තුළ තව තවත් සහන ලබා දිය හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එළඹෙන දෙසැම්බර් මාසය වන විට මෙරට උද්ධමනය තනි ඉල්කමකට ගෙන ඒමට හැකියාව ලැබෙන බවත් එහි සහණය ජනතාවට ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම,වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,දුම්කොළ බදු (සංශෝධන) පනත යටතේ නියෝග, මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නියමය සහ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය විවාදයට ගන්නා අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
    අද ඉන්දියාව ලෝකයේ තිබෙන බලවත් රටක් බවට පත්ව තිබෙනවා. නමුත් එහි අසල්වාසී රට වෙලා අපි එහි වාසිය ලබා ගන්නේ නැහැ.විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය තුළ ගුවන් තොටුපළ ට අමතවර බෝට්ටු වගේ සේවාවන් ආරම්භ කළ යුතුයි.අපනයනය බද්ධ සංශෝධනය කර බෝට්ටු සේවා ආරම්භ කර සංචාරක කර්මාන්තය වගේම රටවල් අතර දුරස්ථ භාවය දුරු කිරිමට කටයුතු කළ යුතුයි.ගිය මාසේ වෙද්දි රුපියල ශක්තිමත් වී තිබෙනවා.ආහාර උද්ධමනය 27% දක්වා පහළ වැටී තිබෙනවා. කුමන ආණ්ඩුවක් ආවත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගතයුතුයි. එහි ප්‍රතිඵල ලැබෙන්නේ මේ රටේ ජනතාවටයි.

    කොවිඩ් වසංගතය, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම වැනි හේතු නිසා මෙරට ආර්ථිකය කඩා වැටුණා. නමුත් අද වන විට රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා විශාල වැඩ පිළිවෙළක් තිබෙනවා.
    මත්පැන් සහ දුම්වැටි සඳහා ඉදිරිපත් කළ බදු වැඩි කිරීම බදු ආදායමට සෘජුව බලපානවා මෙන්ම මෙරට ජනතාවගේ සෞඛ්‍යටත් බලපානවා.ආර්ථික අර්බුදයත් සමග භාණ්ඩ ආනයනය ට විශාල සම්බාධක පැනෙව්වා.ඉදිරි මාස වලදී සම්බාධක පැන වූ භාණ්ඩ නැවත ආනයනය කිරීමට ඉඩ ලබා දෙනවා.බෝට්ටු නිෂ්පාදන වැනි කර්මාන්ත සඳහා අද වන විට විශාල ඉල්ලුමක් තිබෙනවා.
    කලාපීය රටවල් සමග සසඳද්දී අපේ රටේ විශාල විදුලි බිලක් තිබීම නිසා ව්‍යාපාරිකයින් පීඩනයට පත් වෙනවා. අපි මේ සඳහා සහණ ලබා දිය යුතුයි. පුනර්ජනනීය විදුලි බලය හඳුන්වා දියයුතුයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya