නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මස අවසන් කරනවා- අධ්‍යාපන අමාත්‍ය

    මැයි 23, 2023

    උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන මාසයේදී අවසන් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මේ වන විට විෂයන් හැට තුනෙහිම ලකුණු පටිපාටිය සකස් කර අවසන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    විෂයන් 12 ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ. උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් සඳහා සහය දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට, ගුරු සංගම් හා ගුරුවරුන්ට සිය ස්තූතිය පුදකර සිටින බව අමාත්‍යවරයා කීය.

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබා දෙන කාල සීමාවද එම ඇඟයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, විභාගය අවසන් වීමත් සමඟ එහි උත්තර පත්‍ර සමීක්ෂණයද ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    ''උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතුවල විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සම්පූර්ණයෙන්ම යෙදිලා ඉන්නවා. මේ මාසේ 29 වැනිදා සිට 08 දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදි අප මේ සිකුරාදා සිට 12 වැනිදා දක්වා පාසල් වසා තැබෙනවා. ඒ කාල සීමාවත් උපරිම ප්‍රයෝජනයට අරගෙන ජුනි මාසය අවසන් වීමට පෙර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය අවසන් කිරීම සඳහාත් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය ඒ එක්කම ආරම්භ කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා'' යැයි කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya