නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු රාජ්‍ය ආයතන යොදාගන්න පුද්ගලයන්ට ඉඩ දෙන්න බැහැ - කැබිනට් ප්‍රකාශක

    මැයි 23, 2023

    පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු රාජ්‍ය ආයතන යොදාගන්න පුද්ගලයන්ට ඉඩදිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේදී ඉතාම හෘදයාංගම ලෙස ඔහුව ඉවත්කිරීමට ඡන්දය භාවිතා කරන බවද පාර්ලිමේන්තුවේ ඔහුව පත්කළ දේශපාලන අධිකාරීන්ට තමන් සතු නිලය පාවිච්චි කරමින් එළව එළවා පහර දීමට ඉඩදිය නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙරටට කර ඇති අගතිය, අයහපත පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංඛ්‍යා දත්ත සහිතව අදාල පාර්ශවයන් කරණු ඉදිරිපත් කරනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    දේශපාලන පත්වීමක් වශයෙන් රජයෙන් පත්කළ තැනැත්තෙකු රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ විද්වතුන්ගේ මතවාද සියල්ලට එරෙහි පුද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට සැරසේ නම් ඒ සඳහා කුමන රජයකට හෝ ඉඩදීමට පුළුවන්කමක් නැතැයිද අමාත්‍යවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya