ඔහු මේ බව කියා සිටියේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිවිල් කැළඹීම්, දේශපාලන නොසන්සුන්තාවයන්, ජනවාර්ගික ගැටුම් සහ දීර්ඝකාලීන සන්නද්ද ගැටුම් වලින් යුතු ඉතිහාසයකට අප මෑත කාලීනව මුහුණදී ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඒ සියල්ලක් මගින් ජනවාර්ගික, ආගමික, වෘත්තීය හෝ වෙනත් අනන්‍යතාවයන් සහිත පුරවැසියන්ගේ දුක්වේදනාවන් අසීමිත ලෙස භාජනය වී ඇති බවද පැවසුවේය.
වාර්ගිකත්වය, ආගම, දේශපාලන මතවාද හෝ වෙනත් හේතූන් මත පදනම්වූ ඕනෑම ආකාරයක ගැටුම් පුරවැසියාගේ යහපැවැත්මට බෙහෙවින් අහිතකර වන බවද ජාතීන්ගේ ඉදිරි ගමනට බාධාවක් බව අත්දැකීම් වලින් සනාථ වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමනිසා පුරවැසියන්ගේ සාමය සහ ආරක්ෂාව අනතුරේ හෙළමින් මෙන්ම සමාජ සහ ආර්ථික පද්ධති අනතුරේ හෙළමින් එවැනි සිදුවීම් වරින් වර මතුවීමේ ප්‍රවණතාවයක් දිගින් දිගටම පවතින බැවින් 2018 අංක 34 දරන හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත මගින් අනුස්මරණ සහ වෙනත් යටිතල පහසුකම් ආකාරයෙන් සමූහ හානි පූර්ණ සැලසීම පීඩාවට පත්වන පුද්ගලයන්ගේ ප්‍රජාවට හෝ කණ්ඩායම්වලට පිළියමක් සඳහා වන අයිතිය පිළිගනු ලැබ ඇතැයිද අවධාරණය කළේය.
ඒ අනූව ලංකාවේ සන්නද්ද ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් හිටපු සටන්කාමීන් ඇතුලු සියලුම පුද්ගලයන් අනුස්මරණය සඳහා ස්මාරකයක් සංහිඳියාවේ සහ ප්‍රතිසංවිධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව වැඩිදුරටත් පැවසුවේය.