ඒ අනුව රජයන් දෙකක් අතර ඇති කර ගත් ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව නතර කිරීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව හෙතෙම පැවසීය.
අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇතැම් ව්‍යාපෘති විශාල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනවා.උදාහරණයක් ලෙස කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු වුණා. ඇතැම් ව්‍යාපෘති හදිසියේ අතර මග නතර කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස ජපානය සමග තිබූ සහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නතර කළා.
මින් ඉදිරියට එවැනි ව්‍යාපෘති පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි ව්‍යාපෘති නතර කිරීමට නොහැකි ලෙසත් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට නම් ඔවුන්ගේ විශ්වාසය තහවුරු කළ යුතුයි. රජයන් දෙකක් අතර කිසියම් ව්‍යාපෘතියක් ඇති කර ගතහොත් එය සැනකින් වෙනස් කරන්න බැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මතයකින් තොරව වෙනස් කරන්න බැහැ.
විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට නම් ජාත්‍යන්තර තුළ ව්ශ්වාසනීයභාවය සුරක්ෂිත කරන්න කටයුතු කරනවා.එවැනි විශ්වාසනීයභාවයක් ඇති කර ගැනීම වැදග්ත වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.