ඒ අනුව මෙම බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කොට අත්හදා බැලීම් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර අමාත්‍යවරයා මෙම ඇන්ජින් පිළිබදව කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු ඒ සදහා අවශ්‍ය පහසුකම් සැළසිමට එවකට කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාටද උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා රමේෂ් පතිරණ අමාත්‍යවරයා හා එක්ව මෙම ආයතනයේ විදුලි කෝෂ බෝට්ටු එන්ජින් හා විදුලි කෝෂ සහිත ත්‍රී වීල් රථ නිරික්ෂණය කළ අතර එම නිෂ්පාදනයන් සදහා රජයේ සහයෝගය ලබා දීමටද ධීවර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
තවද මෙම ආයතනය එම ඇන්ජින් හා ත්‍රි වීල් යන්ත්‍ර නිෂ්පාදනය කොට තිබෙන අතර පසුගියදා (19) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ආයතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
ඒ අනුව ළඟදීම මෙම විදුලි කෝෂ සවිකරන බෝට්ටු එන්ජින් හා ත්‍රී වීල් රථ වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරදෙන බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.