නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ අරමුණ සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීමයි

    මැයි 22, 2023

    රජයේ අරමුණ සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඊයේ (21) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    බැංකුවක් මහ බැංකුවේ නියාමනය කිරීම යනු එය වාණීජ්‍ය බැංකුවක් වීමක් නොවන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවන විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
    පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද , එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් එවැනි යෝජනා යට යෑම වැලැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවය. එමෙන්ම මහජන නියෝජතියන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya