අමාත්‍යවරයා මේ බව සදහන් කළේ,(19) දිනයේ දකුණු චීනයේ පවත්වන ප්‍රධානම සංචාරක වෙළද ප්‍රදර්ශනය වන "ග්වැංෂූ ජත්‍යන්තර සංචාරක වෙළද ප්‍රදර්ශනයේ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එමෙන්ම චීනයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන චයිනා සෙන්ට්‍රල් රූපවාහිනී නාලිකාව (CC TV) සමඟ සම්මුඛ සාකච්ඡාවට ද එක්හැ වු අමාත්‍යවරයා , චීනයේ මුද්‍රිත හා ව්ද්‍යුත් මාධ්‍ය ගනනාවක් සමඟ ද සම්මුඛ සාකච්ඡාව වලට එක් විණි.
මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක කර්මාන්තයේ නියැලෙන ආයතන 20ක පමණ ප්‍රමානයක් සහභාගි වු අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සම්පූර්ණ සංවිධාන කටයුතු සිදු කල තිබිණි.
ගෝලීය වසංගත තත්වයෙන් පසු සංචාරක අමාත්‍ය වරයෙකු චීනයේ සංචාරය කල පළමු අවස්ථාව ද මෙය වේ.