නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩි පොහොර මිල අඩු කෙරේ

    මැයි 16, 2023

    මෙම යල කන්නයේදී බන්ඩි පොහොර  මිල රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    පසුගිය මහ  කන්නයේ දී රජයට අයත් පොහොර සමාගම් දෙක කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින් වූ මිලකට  අලෙවි කරනු ලැබීය. එමෙන්ම පුද්ගලික අංශය බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ  මිලකට අලෙවි කර ඇත.
    නමුත් මෙවර යල කන්නයේ දී ගොවි නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණ පෙරදැරිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමා  ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින  රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
    ඒ අනුව ඊයේ (15 )  සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට  සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය  පහසුකම් සළසා තිබේ.
    බන්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදු කරන අතර තමන්ට පහසු දිනයක බන්ඩි පොහොර මිල දී ගැනීමට ගොවීන්ට හැකිවන පරිදි  අවශ්‍ය පහසුකම් සළසා ඇත.
    තමන්ට වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල දී  කඩිනමින් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya