මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මීපා (MEPA) ආයතනය දැනුවත් නොකර නිව් ඩයමන්ඩ් නැව නිදහස්කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.
එබැවින් එම නැව නිදහස්කිරීම සම්බන්ධයෙන් එවකට අමාත්‍යංශය ගැසට්කර තිබූ අමාත්‍යවරයා වගකිවයුතු බවද අමාත්‍යවරයා කීය.
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අද (11) සහභාගී වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)
- ගරු කථානායකතුමනි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක් ඉල්ලුවේ විරුද්ධ පක්ෂයෙන්. පළමු අවස්ථාවේ දී අපි එක් දින විවාදයකට අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අඟහරුවාදා පසුගිය 09 පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂය දින 02ක් මෙම විවාදය සඳහා ඉල්ලා සිටියා. අපි විපක්ෂයේ එම ඉල්ලීමටත් එකඟ වුණා.
මේ විවාදයට ආණ්ඩුවක් විදියට අපි කොයි මොහොතේවත් විරුද්ධ වුණේ නෑ. ගරු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා නීතීඥයෙක් වශයෙන් හා අධිකරණ ඇමතිවරයා වශයෙන් එතුමා එතුමාගේ අදහස පාර්ලිමේන්තුවේ දී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඉදිරිපත් කළා. එතුමා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වන ඇතැම් කරුණු නඩුවට බලපාන්න පුළුවන් බවයි. නඩුවට බලපාන කරුණු කතා කරන්න එපා කියන එකයි එතුමා මතු කළේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂය නඩුවක් පවරන්න හදනවා. අපි ඒකට කැමතියි.නමුත් විපක්ෂයට ඕන කළා මේ විවාදයෙන් ආණ්ඩුව විවාදයෙන් පලා යන්න උත්සාහා දරනවා කියලා සමාජ මතයක් හදන්න. අපි විවාදයට විරුද්ධ නම් මුලින්ම අපි විරුද්ධ වෙනවා. අපට හංගන්න දෙයක් නෑ. මේ පිළිබඳව අපි තේරීම් කාරක සභාවක් යෝජනා කළේ මේ පිළිබඳ තොරතුරු හොයලා බලලා ජනතාව දැනුවත් කරන්නයි. වැරැද්දක් කරල තියෙනවනම් ඒ ගැන කතා කළ යුතුයි.
අධිකරණ ඇමතිතුමාට එම නීති තර්කය ගේන්න පසුබිම් වුණු හේතුවක් තිබුණා. ඒ තමයි ආංශික කාරක සභාවේ දී එම කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කටයුතු කරපු ආකාරය. නැව් සමාගමේ නීතිඥයෝ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එකට වාඩි කරවලා නඩුවේ තොරතුරු පිළිබඳව හරස් ප්‍රශ්න අසා තිබෙනවා. ඊට
අමතරව නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් ලබා ගත්තා කියලා අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව විජිත හේරත් මහතාත් මෙවැනිම චෝදනාවක් කළා.
විජයදාස ඇමතිතුමා තමන්ට ලැබුණු තොරතුරු පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කළා. හැබැයි අජිත් මාන්නප්පෙරුම මහතාවත්, විජිත හේරත් මහතාවත් මේ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් රහස් පොලිසියට ඉදිරිපත් කරලා නෑ. මම කියන්නේ තම තමන් ළඟ තියෙන තොරතුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න. රහස් පොලීසියට පැමිණිලි
කරන්න. අපි ළඟ තියෙන තොරතුරුත් දෙන්නම්. ඒ නිසා ජනතාව අහනවා මේ විවාදය කරන්නේ නඩුවේ තොරතුරු එළියට ගන්න ද කියලා. මේ අපිනෙවෙයි කියන්නේ. ජනතාව අහන ප්‍රශ්න. මම එහෙම හිතන්නෙ නැහැ. මේ ලැබෙන මුදල ඉතා විශාලයි. මේ වෙලාවේ මේ වන්දි මුදල අපිට ඉතා වැදගත්.
මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27/2 යටතේ අවස්ථා 02ක දී ප්‍රශ්න කළා. ඒ 2022 නොවැම්බර් 30, 2023 අප්‍රේල් 25.ප්‍රශ්නවලට විෂයභාර ඇමතිවරයා විදියට අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිතුමා ඒ අවස්ථා දෙකේ දීම පිළිතුරු ලබා දුන්නා. විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා MEPA එක UDA යටතේ තිබීම විද්‍යාත්මක ද කියලා. ආයතන ගැසට් කරන්නේ ජනාධිපතිතුමා. මම අහන්න කැමතියි නිවාස අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල තිබුණේ මොන විද්‍යාත්මක පදනමින් ද කියලා. යම් සංශෝධනයක් කරල මේක ගන්නවට අපි විරුද්ධ නැහැ. මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. මට තියෙන වැඩත් එක්ක මට මීපා ආයතනය බරපතළ වැඩියි.
ඒ අනුව මගේ අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා සහ තේනුක විදානගමගේ ඇමතිතුමා. මේ ඇමතිවරුන්ට මම විෂයන් බෙදලා ඒ වගකීම පවරලා තියෙන්නේ. ඒ නිසා තමයි විපක්ෂ නායකතුමාගේ 27/2 ප්‍රශ්නවලට වගේම අයවැය විවාදවල දී, අදාල වැය ශීර්ෂවල දී ඒ අමාත්‍යවරු උත්තර දුන්නේ. විපක්ෂයේ නායකතුමා ඊයේ එතුමාගේ කතාවෙ දි කිව්වා මේක එක නැවක් නෙවෙයි. නැව් 02ක් කියලා. නැව් 02 සිද්ධි 02ක් වාර්තා වෙනවා. එකක් නිව් ඩයමනඩ් නැමති පැනමා ධජය යටතේ ලියාපදිංචි කර තිබූ නැගෙනහිර පළාතේ ගිනිගත් තෙල් නැව. දෙවෙනි එක අපි මේ විවාද කරන සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. සමහරු මේ 02 පටලෝගෙන තියෙන්නේ.
ගරු කථානායකතුමනි, ගෝඨාභය ජනාධිපතිතුමා මේ විෂය මට පවරපුවාම මුලින්ම මම කළේ මේ නැව් 02 පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය ගෙන්වලා කරුණු විමසීම් කරන එක. මොකද ඒ වෙද්දිත් මේ නැව් 02 පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තිබුණා. එතනදි තමයි මම දැනගත්තේ නිව් ඩයමන්ඩ් නෞකාව කිසිදු ඇප මුදලක් නැතුව නිදහස් කර ඇති බව. එම නිසා මම ඒ පිළිබඳව සභාපතිතුමියගෙන් වාර්තා කැඳවා තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව මොන පදනමකින් නිදහස් කළාද කියල අපිටත් බරපතළ සැකයක් තියෙනවා. ඒ ගැන මේ අමාත්‍යංශය ගැසට් වෙලා තිබුණු ඇමතිවරයා වගකිව යුතුයි.
( විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම්)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ)
- එතුමා දැන් ඉන්නේ ඔය පැත්තේ. ඔබතුමන්ල හදන්නේ එතුමා රකින්නයි. මෙම නිව් ඩයමන්ඩ් නෞකාව නිදහස් කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ ගැනත් හොයලා බලන්න ඕන. මම යෝජනා කරනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ තේරීම් කාරක සභාවට සංශෝධනයක් විදියට නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව සොයා බලන්න කියලා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට නඩු පැවරීම සම්බන්ධයෙන් ඇති ප්‍රමාදය පිළිබඳව එහි දී මට තොරතුරු අනාවරණය වුණා.
මුලින්ම මෙම අනතුර පිළිබඳව විමර්ශනය කරන විශේෂඥ කමිටුව මම හමුවුණා. දැනගන්න නොදන්න අයට මම මේ කියන්නේ. මේ විශේෂඥ කමිටුවට අඩුම තරමේ කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණේ නෑ. එම විශේෂඥ කමිටුවට කැබිනට් අනුමැතිය ගත්තේ මම. ඒකට නීතිමය බලයක් පවරන්න කටයුතු කළේ මම.
මම MEPA එකේ සභාපති ඇතුළු නිලධාරින්ට, විශේෂඥ කමිටුවට දුන්නු උපදෙස් තමයි නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීති නැත්තම් නීති හදන්න. මෙවැනි අනතුරක් නැවත සිදු නොවෙන්න හා සිදු වුණොත් කළ යුතු කඩිනම් පියවරයන් පිළිබඳව ප්‍රතිපත්ති රාමු හදන්න කියලා.
මීට අමතරව මේ නැව් අනතුරු 02 සම්බන්ධයෙන් අනතුර සිදු වූ කාලවල දී සමාජ මාධ්‍යවල විශාල තොරතුරු හුවමාරු වුණා. ඒ තොරතුරු හුවමාරු කරපු සමහර අය නාවුක ක්ෂෙත්රය පිළිබඳ අත්දැකීම් ඇති ප්‍රවීණයන්. ඒ අයගේ කණ්ඩායම් 02ක් මම අමාත්‍යාංශයට කැඳවලා ඔවුන්ගේ අදහස් විමසුවා. ඒ විතරක් නෙවෙයි ඇමතිවරයා විදියට MEPA ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් දෙදෙනෙක් පත්කිරීමේ හැකියාව මට තියෙනවා. එම තනතුරු දෙක සඳහා පළපුරුදු පුද්ගලයන් දෙදෙනෙක් මම නම් කළා.
එයින් එක්කෙනෙක් තනතුර ප්‍රතික්ෂේප කළා. එක්කෙනෙක් ඒ තනතුර භාර අරගෙන දැන් වැඩ කරගෙන යනවා. මීට කලින් හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පිළිබඳව හොයලා බලන්න කියලා මම යෝජනා කරනවා.
ගරු කථානායකතුමනි, 2022.06.08 වෙනි දා MEPA එකේ නිලධාරින් සමඟ පෞද්ගලිකව මම නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මෙම නඩු කටයුත්ත පිළිබඳව සාකච්ඡා කළා. මම ඒ අවස්ථාව උදා කරගත්තේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සමඟ පුද්ගලිකව සාකච්ඡා කරලා. එතුමා ඒකට සාක්ෂි දරනවා.
නිව් ඩයමන්ඩ් නෞකාවට නඩු පැවරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වලා ඒ නඩු පැවරීම්වලට අවශ්‍ය පියවර ගත්තා. මම මේ වෙද්දි මෙම නෞකා 02 සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා 04ක් ඉදිරිපත් කරලා අනුමත කරන් තිබෙනවා. මම ඒවා සභාගත කරනවා.
සමහර අය දැන් අහනවා MEPA එක කෙලින්ම නඩු දැම්මේ නැත්තේ ඇයි කියලා. මේ අනතුරේ MEPA එකේ වන්දිය හා හානිය සමස්ත වන්දියෙන් එක් කොටසක්. එහෙම නම් මෙම අනතුර නිසා හානි වූ හැම පාර්ශ්වයක්ම වෙන වෙනම නඩු දාන්න වෙනවා. සාගරය දූෂණය වීම නිසා - MEPA එකෙන්, කැස්බෑවන් වැනි ජීවින් නිසා - වනජීවි එකෙන්, ධීවරයන්ට වූ පාඩුව නිසා - ධීවර අමාත්‍යාංශයෙන්, වායු දූෂණය නිසා - පරිසර අමාත්‍යාංශයෙන්, සංචාරක ව්‍යාපාරයට බලපෑ නිසා - සංචාරක අමාත්‍යාංශයෙන්... මේ ආකාරයට විවිධ ආයතනවලින් විවිධ නඩු දාන්න සිද්ධ වෙනවා. එහෙම නොහැකි නිසා තමා එවකට අධිකරණ ඇමතිව සිටි අලි සබ්රි ඇමතිතුමාට මෙම සියලුම අංශ සම්බන්ධීකරණය කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න සහාය වෙන්න කියලා වගකීම පැවරුවේ.
සජිත් විපක්ෂනායකතුමා දැන් චෝදනා කරනවා ජනාධිපති කාර්යසාධන බලකායක් පත් නොකළේ ඇයි කියලා. නම වෙනස් වුණාට අලී සබ්රි ඇමතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණේ එවැනි කාර්යසාධක කටයුත්තක් තමයි. මුල් සාකච්ඡාවට එතුමාත් සහභාගි වුණා. චරිත හේරත් මන්ත්‍රීතුමා කියනවා ලේකම් කාර්යාලයක් පිහිටවන්න තිබ්බා කියලා. මේ කමිටුවෙන් සිදු වුණෙත් ඒ දේම තමයි.
මේ නඩුව ජාත්‍යන්තර අධිකරණයක පැවරිය යුතුයි කියලා සාකච්ඡා වුණේ අලි සබ්රි ඇමතිතුමගේ කාලයේ. නීතිය පිළිබඳ විශාරදයින්ගේ යෝජනාවල් සැලකිල්ලට ගෙන තමයි එවැනි සාකච්ඡාවක් පැවැත්වුණේ. අලි සබ්රි ඇමතිතුමාගේ හෝ විජයදාස රාජපක්ෂ මහතාගේ තනි මතයකට නොවේ මෙම නඩුව සිංගප්පූරු අධිකරණයේ විභාග වෙන්නේ. ඒ තීරණය ගත්තේ කැබිනට් මණ්ඩලයයි.
අධිකරණ ඇමතිතුමා පුන පුනා කිව්වා නඩුවට අගතියක් වෙන දේවල් සාකච්ඡා කරන්න එපා කියලා. එහෙම තියෙද්දි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා රටවල් 02කින් ප්‍රතික්ෂේප කරපු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුදු සීමාව ඇතුලට ගන්න අවසර දුන්නේ කවුද කියලා. මම අහන්න කැමතියි මේ ප්‍රකාශය නඩුවට අගතියක් නෙවෙයි ද කියලා. මෙවැනි ප්‍රකාශ බොහෝ මේ ගරු සභාවේ දී ඊයේ කියවුණා.
කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවතුනු හදිසි පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වුණේ නඩුව ගැන කතා නොකර සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ විවාදය පවත්වන්න. විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවේ දී පැහැදිලිව ප්‍රකාශ කළා මෙම විවාදය ඉල්ලන්න හේතුවත් පරිසරයට ඇති තර්ජනය පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. නමුත් අපේ ගරු මන්ත්‍රීවරුන් කතා කළේ මොනව ද?
ඒත් නාවුක අනතුරක් සිදු වුවහොත් අපගේ MEPA ආයතනයට මෙවැනි සමුද්‍රීය පරිසර හානි වාර්තා කිරීමේ ක්‍රමවේදයක් තිබිලා නෑ. නිව් ඩයමන්ඩ් නෞකා අනතුරෙන් පසු තමා එවැනි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි International Maritime Organization – IMO ආයතනයට අපි ඉල්ලීමක් කලා ප්ලාස්ටික් පැලට් හානිකර ද්‍රව්‍යයක් ලෙසට වර්ගීකරණය කරන්න කියලා.
අපේ යෝජනාව අනුව නෞකාවලින් ප්ලාස්ටික් පැලට් ප්‍රවාහනය කිරීමේ දී අදාල නෞකා සමාගම් විසින් පිළිපැදිය යුතු නිර්දේශ පිළිබඳ චක්‍රලේඛයක් සකස් වෙමින් පවතිනවා. බොහෝවිට එය 2024 දී මෙම මඟපෙන්වීම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි ජාත්‍යන්තර මඟපෙන්වීම එකක් සකස් වෙන්නේ අපේ රටේ යෝජනාවකට අනුවයි. මීට අමතරව MEPA පනත සංශෝධනය කිරීමට මේ වෙද්දි අපි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් යනවා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම(ස.ජ.බ)- ඔබතුමා නැත්නම් නිව් ඩයමන්ඩ් නඩුව පැවරෙන්නෙත් නැහැ. ඒකට මම ස්තූතිවන්ත වෙනවා. කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් මම ඔබතුමාට ගරු කරනවා. මගේ පරිසර ආංශික කමිටුවට කැබිනට් ඇමතිවරයා වශයෙන් ඔබතුමත්, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මැතිතුමත් සහය ලබාදුන්නා. මේ නඩුවේ පැමිණිල්ලේ පිටපත්ක පාර්ලිමේන්තුවට ගන්න බැරිද. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) - මම ඒ ගැන හොයල බලන්නම්.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) -
ගරු ප්‍රසන්න ඇමතිතුමනි, මං අහගෙන හිටියා ඔබතුමාගේ කතාව. එම කතාවේ එක කාරණයක් ගැන පමණක් මට මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔබතුමා කතා කළා නිව් ඩයමන් නැව ගැන. එම නැව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒ වෙලාවේ විෂය භාර ඇමතිවරයා වග කියන්න ඕනි කියලා. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සභාගත කරලා හැන්සාඩ් ගත කරලා තියෙනවා එම නැව නිදහස් කළේ ඒ වෙලාවේ විදේශ ලේකම්වරයා ලෙස හිටපු ජයනාත් කොළඹගේ මහතා විසින් දුන්න නියෝගයක් අනුව කියලා. එම නියෝගය එතුමා කියෙව්වා. එහි ඉතාම පැහැදිලිව තිබෙනවා, විදේශ ලේකම්වරයා කියනවා මෙම නැව නිදහස් කරන්නේ ඉදිරියේදී මුහුද රළු වුනොත් එන්න පුළුවන් අනතුරුදායක තත්ත්වයක් තිබෙන නිසා ජනාධිපතිතුමාගේ ඩිරෙක්ෂන් එකක් අනුව මෙය නිදහස් කරන්න කියලා නාවික හමුදිපතිට නියෝග කරලා තිබෙනවා. මම මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙනුත් ඇහුවා, එතුමා එය තහවුරු කළා. මම කිසිම වෙලාවක නැව යවන්න කියලා කිවුවේ නැහැ. නැව යවලා තිබෙන්නේ නාවික හමුදාවට දීපු නියෝගයක් අනුව. එතුමත් ඒකට වගකීම ගන්නේ නැහැ. නියෝගය දීලා තියෙන්නේ විදේශ ලේකම්වරයා විසින්. ගරු ඇමතිතුමනි, ඇමතිවරයෙක් මේකට වගකීම ගන්න ඕනි නම් මම හිතන්නේ ඔබතුමා අහන්න ඕන ඔබතුමා ලග ඉන්න දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන්. මොකද එතුමා තමයි එවකට විදේශ ඇමතිවරයා. විදේශ ලේකම්වරයා කටයුතු කරන්නේ විදේශ ඇමතිවරයාගේ උපදෙස් අනුවයි. විදේශ ඇමතිවරයාගේ උපදෙස් නැතුව විදේශ ලේකම්වරයා කටයුතු කළා නම් ඒ ගැන විමර්ශනයක් පවත්වන්න. මම වෙරළාරක්ෂක රාජ්‍ය ඇමති. මම පත්වෙලා සති 2 කින් තමයි මේක වෙන්නේ. ජනාධිපතිතුමා මේකට නාවික හමුදාව සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කළා මිස, රාජ්‍ය ඇමතිවරයෙකුට බලයක් නැහැ විදේශ
ලේකම්වරයාට උපදෙස් දෙන්න. මට කිසිම බලයක් තිබුනේ නැහැ. මම වරාය ඇමති නෙමෙයි. ඒකට කමිටියක් පත් කරනවා නම් අපි ඒකට සම්පූර්ණ සහය ලබා දෙනවා. චරිත ඝාතන කරන්න එපා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) -
ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමා කියපු සමහර කරුණු ගැන මම එකගයි. විදේශ අමාත්‍යංශයෙන් එවපු ලිපියක් මත මීපා ආයතනය නීතිපති දෙපාරතමේන්තුවට යොමු කළ ඊමේල් පණිවිඩ මම ළග තිබෙනවා. මීපා ආයතනයට ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තිබ්බේ ඩිපොසිට් එකක් තියාගෙන එය සිදු කරන්න කියලා තමයි. එහෙම කියලා තියෙද්දි එම කාරණාව සම්බන්ධව නීතිපති දෙපාරතමේන්තුවෙන් කියලා තිබුණා නැව නිදහස් කරනවා නම් කරන්න පුළුවන් මීපා ආයතනයේ නියෝගයක් මත පමණයි කියලා. ඒ ආව ඊමේල් පණිවිඩය සෑම තැනකටම යවන්න එවකට හිටපු සභාපතිතුමිය කටයුතු කරලා තිබුණා. එහෙම තියෙද්දි මීපා ආයතනය දැනුවත් නොකර මේ නැව නිදහස් කරලා තියෙනවා කියලා තොරතුරු දැන ගත්තම සභාපතිතුමිය ඔබතුමාව දැනුවත් කරලා තියෙනවා. මම ගාව ඒවගේ වාර්තාවල් තිබෙනවා. ඔබතුමා කියලා තියෙනවා නිදහස් කරලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. මං ගාව රේකෝඩින් තියෙනවා. ඕනි නම් අහන්න දෙන්න පුළුවන්. ඔබතුමා කියන්න නැව නිදහස් කරනවා කියලා ඔබව දැනුවත් කළේ නැද්ද?
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) -
ගරු ඇමතිතුමනි, මාව විතරක් නෙමෙයි ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා තිබෙනවා. එතුමාටත් පුළුවන් වුණාද නැව ආපහු ගේන්න. ඒ නිසා දැන් හරි කමිටුවක් දාලා වැරදි අයට දඩුවම් කරන්න.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග(ශ්‍රී.පො.පෙ) -
මම කියපු දේ හරිනේ එතකොට. ඔබතුමා පිළිගන්නවනේ ඔබතුමා දැනුවත් වුණා කියලා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) -
නැව ගියා කියලා දැනුවත් වුණා. නැව ඇරියේ අපි නෙමෙයි. නැව ගියාට පස්සේ ජනාධිපතිතුමාට කරන්න බැරි දෙයක් මට කරන්න බැහැනේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග(ශ්‍රී.පො.පෙ) - නැව යන්න හදන කොට නිල නොලත් විදිහට තමයි සභාපතිතුමිය දැනුවත් වෙලා තිබ්බේ. ඒ ගැන ඔබතුමාට කියලා තිබ්බා. මම ඔබතුමාට චෝදනා කරන්නේ නැහැ. සමාවෙන්න.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) -
මට විනාඩියක් අවසර දෙන්න. මගේ චරිතය තමයි ඝාතනය වෙන්නේ. ඇමතිතුමා ඔබතුමා පිළිගන්නවද නැව යවන්න නියෝගය දුන්නේ මම නෙවෙයි කියලා. අපි මේ ගැන සිලෙක් කමිටි එකක් දාලා හොයලා බලලා අවශ්‍ය අයට දඩුවම් දෙමු.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - ඒක හරි මම කියන්නේත් ඒකම තමයි.
අරගලය කාලකණ්නි අරගලයක් කියල මම කිව්වා. ඒක ඇත්ත. සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න අවශ්‍ය වුනේ නැහැ. බස් ගිනි තියන්න, රාජ්‍ය දේපළ විනාශ කරන්න සාමකාමී අරගලකරුවන්ට අවශ්‍ය වුනේ නැහැ. එහෙම උවමනාවක් තිබුනේ කාළකණ්නින්ට. පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට.මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි. විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන්නා. අපි නඩුවලට මුහුණ දෙනවා. ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා. තවම නඩු පවරල නැහැ.මේ ගැන හොයල බලන්න කියල අපි අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලනවා.
මූලාසනාරෑඩ මන්ත්‍රීතුමනි, අධිකරණය හා පොලීසිය ගැන විශ්වාසයක් නැති වුනොත් මිනිස්සු අයුධ අතට ගන්නවා. අපි සාමකාමී අරගලවලට එකඟයි. හැබැයි කාටවත් මිනි මරන්න දෙන්න බැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාටවත් අරගලකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් නැහැ.මානසික රෝගීන් අරගල කරනවා. මේව කියනකොට සමහරුන්ට රිදෙනවා. මගේ දුව විවාහ වෙන්න හිටියේ මැයි 11. හැබැයි මැයි 9 වැනිද ගේ ගිනි තියනවා. අපිට නැති වෙන්න දෙයක් නැහැ. කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහනවා. පාර්ලිමේන්තුවේ අපි 225ම එකට එකතු වෙලා මේ රට හොඳ තැනකට ගෙනියන්න කටයුතු කරමු.