රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම වව්චර්පත් මුද්‍රණය සඳහා අද රජයේ මුද්‍රණාලයට ලබා දෙන බවත් දින 10ක් ඇතුළත මුද්‍රණය අවසන් කිරීමට හැකි බවත් පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන්ම බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා මෙම වව්චර් යොදා ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.එසේම මෙම වව්චරයට කැමති පොහොර වර්ගයක් මිලදී ගැනීමට හැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය.
එසේම මෙම යල කන්නයේ වගා කිරීම සඳහා සහතික කළ බීජ යොදා ගන්නා ලෙසත් එමගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දේ.එසේම වගාවට අවශ්‍ය වල්නාශක සහ කෘමිනාශක ගෙන්වීම පෞද්ගලික අංශයෙන් සිදු වන බවත් ඒවා අඩු මුදලට ලබා දීමට එම සමාගම් කැමැත්ත පළ කර ඇති බවත් මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
IMF ණය සහනය හේතුවෙන් කෘෂිකාර්මික උපකරණ අමතර කොටස්වල මිල අඩුවී ඇති වී බවත් මේ වනවිටත් පොහොර සඳහා සහනාධාර ලබා දෙන අතර පොහොර අඩු මිලකට වෙළඳපොළෙන් මිලදී ගැනීමට හැකි බවත් ඉන්ධන මිල සහ විදුලිබිලෙහි අඩුවීම හේතුවෙන් මෙම පිරිවැය අවම කර ගැනීමට හැකි බවත් කීය. එමගින් සාර්ථක යල කන්නයක් ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
තවද ඉදිරියේදි බාස්මතී සහල් පමණක් ආනයනය කරන බවත් අනෙකුත් සහල් ආනයනය නොකරන බවත් සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති නිසා සත්ත්ව අහාරවලට යොදා ගන්නා බවත් හෙතෙම පැවසීය.