නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අස්වැසුම” සුබසාධන දීමනා ලබා දීමේ ක්‍රමවේදය විනිවිද භාවයකින් හා ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    මැයි 11, 2023

    ප්‍රතිලාභ ලබා දීම ජූලි මස සිට ක්‍රියාත්මකයි- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    යෝජිත “අස්වැසුම” සුබසාධන දීමනා ලබා දීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු මත පදනම් වූ විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. දිනපතා පුවත්පතක පළ වූ “අස්වැසුම” සුබසාධන දීමනා ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධව මුද්‍රිත මාධ්‍යයේ පළ වූ ලිපියක් පදනම් කරගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට, මෙම සහනාධාර ලැබීමට නුසුදුසු පිරිස එම සහනාධාර ලබන බවටත්, සුදුසුකම් සහිත පිරිසකට එම සහනාධාර නොලැබෙන බවටත්, ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙන සහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කර ඇති පර්යේෂණ හා විගණකාධිපති වාර්තා වලට අනුව තහවුරු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම සමාජය තුළ ද මේ පිළිබඳව දැඩිව විවේචන එල්ල වෙමින් තිබෙන ආකාරය ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    “කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොමැතිව, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ඉතාම විනිවිද භාවයකින් යුතුව, ස්වාධීන ක්‍රමවේදයක් මෙම සුබසාධන දීමනා ලබා දීම සඳහා අනුගමනය කරමින් පවතිනවා. සමාජයේ පහළ ආදායම් ලබන 40% ක කොට්ඨාශයන් කාණ්ඩ 4ක් ඔස්සේ වර්ගීකරණය කර මෙම දීමනා ලබා දීමට කටයුතු සලසා තිබෙනවා. ඊට අමතරව වකුගඩු රෝගීන්ගේ දීමනා, වැඩිහිටි දීමනා, ආදියද විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීමට නියමිතයි. එළඹෙන සිකුරාදා දිනයේදී මෙම වැඩසටහන පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම දීමනා ලබා දීමේ දී පැන නැගුණු ගැටළු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු වුණා. ඒ අනුව, සියළුම මහජන නියෝජිතයන් විසින් පෙන්වා දුන් ගැටළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා සාකච්ඡා කරනු ලැබුවා.”

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සෑම වර්ෂයකම මෙම ප්‍රතිලාභ ලබන්නන්ගේ තොරතුරු නාම ලේඛන යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය නිසා කිසිදු පවුලක් මඟහැරී යාමේ ඉඩක් නොමැති බවයි.

    “විශේෂයෙන්ම, ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් සහ සැලැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රදර්ශනය කෙරෙනවා. තෝරාගෙන ඇති යම් පාර්ශ්වයක් මෙම දීමනා ලබා ගැනීමට නුසුදුසු වන බවට පැමිණිලි මෙන්ම, සුදුසුකම් සහිත පාර්ශ්වයක් ඇතුළු නොවීම සම්බන්ධ‌ අභියාචනා ඉදිරිපත් කිරීමට ඉදිරි දින 10ක කාලයක් ලබා දෙනවා. ඒ අනුව ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් සිදු කර අවශ්‍ය පියවර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම, මෙම නව ප්‍රතිසංස්කරණය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් තුළ ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සකස් කරනු ලැබුවක් වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya