නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයින් 3000ක් බඳවාගෙන ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

    මැයි 11, 2023

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් ඇතැයි ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජ්‍ය ආයතන වසා දමමින් සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයින් 3000ක් බඳවාගෙන ඇතැයි කියන ප්‍රකාශයද සම්පූර්ණ අසත්‍යයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. බහුකාර්ය බලකාය යටතේ දැනටමත්
    රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති පිරිසෙන්, එලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් බව හෙතෙම සඳහන් කළේය.

    දැන් සියළුම කටයුතු නතර වෙලා. යන්ත්‍ර සූත්‍ර හිගයි. කැමති අයට විතරයි මෙලෙස ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න කියන්නේ. කිසිදු බලකිරීමක් නැහැ. කැමැති අය 600 ගානක් එලෙස ස්වේච්ඡාවෙන් විශ්‍රම ගොස් තිබෙනවා''යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya