නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමාද නොවී ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන්න- විභාග දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 13, 2023

    අපොස උසස් පෙළ විභාගය අවසන් වී මේ වන විට දින 54ක් ගත වී ඇතත් එම පිළිතුරු පත් ඇගයීම ආරම්භ නොකිරීම හේතුවෙන් සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිතතාවයකට පත්ව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එබැවින් තවත් ප්‍රමාද නොවී මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම විභාගයේ පිළිතුරු පත් ඇගයීම සඳහා ගෙවනු ලබන ගාස්තුව මේ වන විට වැඩි කර තිබේ.

    2022(2023) අ.පො.ස උසස් පෙළ විභාගය 2023.01.23 දින 2023.02.17 දින දක්වා පැවති අතර විභාගය අවසන් වී මේ වන විට දින 54ක් ගත වී තිබේ.එම පිළිතුරු පත් ඇගයීමේ ක්‍රිාවලිය මෙතෙක් ආරම්භ වී නොමැත.මේ හේතුවෙන් එම විභාගයට මුහුණ දුන් සිසුන් දැි අසීරුතාවකට මුහුණ පා තිබේ.

    මෙම ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලැබෙන්නේ නම් එම ඇගයීම් කටයුතු වහාම ආරම්භ කිරිමේ හැකියාව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහාන කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya