කර්මාන්ත අංශය නඟාසිටුවීමට නම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා සදහන් කළේය .
එසේ නොමැති අවස්ථාවල දේශීය කර්මාන්ත පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්වන අතර රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශන භාණ්ඩ රට තුළට පැමිණිම වැලැක්විය යුතුයි.
එසේ නොවුනහොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැලැක්විය නොහැකි බවයි ඊයේ පැවති කර්මාන්ත ආංශික උපදේශණ සභා 9 ක් සඳහා පත්කළ සභාපත්වරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර මීට පෙර ආංශික උපදේශණ සභා 11ක් සඳහා සභාපතිවරුන් පත්කර තිබුණි.
ඇඟලුම්, ඖෂධ, ලෝහ හා අච්චු, තීන්ත හා රසායනික ද්‍රව්‍ය, බෝට්ටු නිෂ්පාදන, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභාරණ, රබර් ප්ලාස්ටික් හා ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආංශික උපදේශණ සභා සඳහා පත්කළ සභාපතිවරුන් වෙත ඊයේ පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.
එම ආංශික උපදේශණ සභා මඟින් අදාළ කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිපත්ති සකස් කිරීම සිදුකරනු ලබන බවද කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.