නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම සමෘද්ධි බැංකු කලාපයකම එක් අවුරුදු උත්සවයක්

    අප්‍රේල් 11, 2023

    මෙවර එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 22දා රාජ්‍ය ආයතනික මට්ටමෙන් එක් දිනක් තුළ  ශ්‍රී ලංකාව පුරාම වැඩිම අවුරුදු උත්සව ප්‍රමාණයක් පැවැත්වීමට තීරණය කළ බවත්, ඒ අනුව සෑම සමෘද්ධි බැංකු කලාපයක් සඳහාම එක් අවුරුදු උත්සවය බැගින් අවුරුදු උත්සව 1809ක් පැවැත්වෙන බවත්, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (11) පැවති සමෘද්ධී සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකිරීමට නියමිත කටයුතු සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම අලුත් අවුරුදු උළෙල මෙන්ම “අපේකම රැකගනිමු - ඉතුරුමට මඟ කියමු” යන මැයෙන් ඉතුරුම් හා ප්‍රවර්ධන අලුත් අවුරුදු වැඩසටහන් රාශියක්ද පැවැත්වීමට නියමිත බවත්, මෙම අර්බුදසමයේ ජනතාවට සැනසිලිදායක තත්වයක් ඇතිකිරීම අපේක්ෂා කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    මෙහිදී මාධ්‍ය විසින් සමෘද්ධි වෘත්තීය සමිති විසින් 2023 වසරේ අලුත් අවුරුදු ගණුදෙනු වර්ජනය කිරිම

    සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගෙන් විමසූ අතර අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන දේශපාලන කණ්ඩායම්වල උපක්‍රමයන්ට හසුනොවී ක්‍රියාකරන ලෙස අදාළ සමෘද්ධී නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya