නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩඉරිඟු තොග වහාම අලෙවි කිරීමට පියවර ගන්න- කෘෂිකර්ම අමාත්‍යාංශය

    අප්‍රේල් 11, 2023

    මෙවර මහ කන්නයේ දී ගොවීන් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

    බඩඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. බඩඉරිඟු මිල ඉහළ යාහැකි බවටඅපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යාහැකිවේ.

    එම නිසා දැනට බඩ ඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්මඅමාත්‍යාංශය ඉල්ලා සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya