සැකසු ආහාර සහ පාන වර්ග පිළිබඳව මෙරට විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන විසින් පර්යේෂණ, සොයා ගැනීම් සහ නව නිපැයුම් සිදු කර තිබුන ද ඒවා නිෂ්පාදනයන් විදියට වාණිජකරණයවී ඇත්තේ ඉතාමත් අඩු මට්ටමකය. එම අඩුව පුරවාලීමට රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ඉටුකරමින් කර්මාන්ත අමාත්‍යංශය වර්ථමානයේ ආහාර නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් වානිජකරණය කිරීමේ අරමුණෙන් මෙලෙස ස්ථිරසාරවූ ඉදිරි පියවරක් තැබීම අගය කළ යුත්තකි. මෙම වැඩසටහන හරහා ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් , ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කොට දෙමින් ආහාර නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිවන අයුරින් වානිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට කර්මාන්ත අමාත්‍යංශය අපේක්ෂා කරයි. ඒ සදහා වැවිලි කර්මාන්ත , කෘෂි කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශයන් රැසක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනය, ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුව , ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය ආදී පාර්ශ්ව රැසක සාමූහිකත්ව ශක්තිය ලබාදෙයි.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන තුළ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගනු ලැබු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත පර්යේෂකයන් හා නවෝත්පාදකයන් 76 දෙනෙකු විසින් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් 200ක් වෙනුවෙන් සිය නව ආහාර නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණයන් සහ ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම සිදුකරයි.
සැබවින්ම අප රටක් ලෙස වැවිලි හා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ විවිධ ආහාර නිෂ්පාදන කාර්යාවලියන්හිදී අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් මෙන්ම නවෝත්පාදනයන් පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපගේ හැගීමයි. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් අවබෝධ කොටගනිමින් මෙරට නිෂ්පාදනයන් ඒ වෙනුවෙන් සිදුකල යුතු බවත් අපගේ හැගීමයි. රජයක් ලෙස ඊට අවශ්‍ය උපරිම පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතුත් අප සැමවිටම සිදුකරන්නෙමු.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු නිළධාරින් , ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය නිරංජලී පෙරේරා , විශ්ව විද්‍යාලය ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් , ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුවේ සභාපති මලික් ද අල්විස් , ආහාර සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.