නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති චීන බෞද්ධ ජනතාවට ස්තුතිය පුද කරයි

    අප්‍රේල් 09, 2023

    ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ ජනතාවට ලබාදෙන ත්‍යාගශීලී උපකාර පිළිබඳව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් චීන බෞද්ධ ජනතාවට ස්තුතිය පුද කරයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ, චීන බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය, අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදීම වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.

    ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට උපකාර කිරීම සඳහා චීන බෞද්ධ ප්‍රජාව සිදු කරන පින්කම් පිළිබඳව ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


    "එවන් කුසල් ක්‍රියාවන් මගින් චීන ජනතාව සතුටේදි මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද ඔබ ළඟින් සිටින කල්‍යාණ මිත්‍රයන් බව ඔප්පු කර පෙන්වා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා,
    මෙම පුණ්‍යකර්මය සංවිධානය කිරීම පිළිබඳව කිරින්දේ අස්සජි හිමියන්ට, චීන තානාපති Qi Zhenhong මහතාට සහ ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයට ස්තුතිය පුද කරන බවද කීය.


    තානාපති Qi Zhenhong මහතා, දෙරට අතර පැරණි මිත්‍රත්වය සිහිපත් කළ අතර, චීන නායක Mao Zedong (මාඕ සේතුං) සහ Zhou Enlai සමඟ සමීප සබඳතා පැවැත්වූ දිවංගත අමාත්‍යවරුන් වන R G සේනානායක සහ පිලිප් ගුණවර්ධන පිළිබඳව විශේෂ සඳහනක් කළේය. ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට තම රට සැමවිටම උපකාර කරන බව ඔහු පැවසීය.


    උත්සවයෙන් පසු ප්‍රදේශයේ දිළිඳු ජනතාවට දිනපතා දිවා ආහාරය සපයනු ලබන ගංගාරාමයේ ප්‍රජා ආහාර මධ්‍යස්ථානය නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා එක්වූහ.


    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන, ලේකම් අරුණ ද සිල්වා, ගංගාරාම දායක සභා සාමාජික ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරුද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya