' MEZCLAR - 2023 ' වැඩසටහන හරහා ශාස්ත්‍රීය දැනුම හා කර්මාන්ත අතර බැඳීම ශක්තිමත් කිරීම සහ දේශීය කර්මාන්තයන් නඟා සිටුවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කර්මාන්ත අතර සහයෝගීතාව දිරිමත් කිරීමත් , එමගින් රටේ සංවර්ධනයට ගාමක බලයක් සැපයීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර විය.
ඒ වෙනුවෙන් එම ඉංජිනේරු පීඨයේ හැකියාවන් සහ පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම් මූලිකව සිදුකෙරුණු අතර කර්මාන්ත හා ශාස්ත්‍රීය අංශය සමඟ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත්, විශ්ව විද්‍යාලය සහ කර්මාන්ත අතර සහයෝගීතාවය උත්තේජනය කරමින් අනාගතයේ දී කර්මාන්ත නඟා සිටුවීමට යන තරුණ උපාධිධාරීන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, කතිකා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුභසිංහ, ආචාර්ය උදය විජේනායක , ආචාර්ය සම්පත් එදිරිසිංහ ඇතුළු විශ්ව විද්‍යාලයීය විද්වතුන් මෙන්ම කෘෂිකර්ම, ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, නැව්ගත කිරීම, රෙදිපිළි, විදුලි සංදේශ, සංචාරක , තොරතුරු තාක්ෂණය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රමුඛ කර්මාන්ත ආයතන නියෝජනය කරමින් ඉහළ නිලතල දරන සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.