අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ කැනඩා -ශ්‍රී ලංකා තාක්ෂණ හුවමාරු මෙහෙයුම 2023 සාර්ථකව අවසන් වේ 

    අප්‍රේල් 01, 2023

    ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව හා කැනඩා රජය අතර ඇති සහයෝගීතාව වැඩිදුරටත් වර්ධනය කරමින් අමාත්‍යාංශයීය නියෝජිත පිරිසක් හා කැනඩාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන අතර සිදු කළ තාක්ෂණ හුවමාරු මෙහෙයුම පසුගියදා සාර්ථකව නිම කරන ලදී.

    මේ සඳහා තාක්ෂණික හා මූල්‍ය දායකත්වය කැනේඩියානු ආධාර යටතේ ක්‍රියාත්මක ඇලීනියා ඉන්ටනැෂනල් (Alinea International)ආයතනය හරහා මෙරට ක්‍රියාත්මක වන ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය(NLEAP) මඟින් ලබා දෙන ලදී.

    කැනේඩියානු රජය, මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව වසර ගණනාවක සිට සිය තාක්ෂණික හා මූල්‍ය දායකත්වය ලබා දෙන අතර ඒ යටතේ රාජ්‍ය අංශය හා සිවිල් සමාජ සංවිධාන බලගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සංවර්ධනය කිරීමට අදාළ වැඩසටහන් කෙරෙහි මූලික අවධානය යොමු කරනු ලබයි.

    ඒ අනුව මෙවර සිදු කරන ලද උක්ත තාක්ෂණ හුවමාරු මෙහෙයුම සාර්ථකව නිම කළ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා ප්‍රමුඛ අනෙකුත් නිලධාරීන් සමඟ කැනේඩියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා කාර්යාලයේ සහයෝගීතා සංවර්ධන ප්‍රධානී, ලින්ඩා එරික්ස් මහත්මිය, සංවර්ධන නිලධාරී, විපුල දහනායක මහතා සමඟ පසුවිපරම් සාකච්ඡාවක් පසුගියදා සිදු කරන ලදි. මෙම සාකච්ඡාවට තාක්ෂණ හුවමාරු මෙහෙයුම සදහා සහභාගි වූ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික භාෂා), අනුරාධ විජේකෝන් මහතා සහ ජාතික භාෂා අංශයේ නිලධාරීන්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතයේ නිලධාරීන් ද NLEAP ව්‍යාපෘති අධ්‍යක්ෂ, මයිකල් එම්ලම් මහතා සහ ව්‍යාපෘතියේ අනෙකුත් නිලධාරීන් සහභාගි විය.

    මෙහිදී මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළව කැනඩා රජයේ ආයතන අනුගමනය කරන යහපත් ආදර්ශ, ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙල මඟින් උගත හැකි පාඩම් සහ තවදුරටත් වැඩිදියුණු කර ගතයුතු ක්ෂේත්‍රයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර මෙම වැඩපිළිවෙල ඉදිරියට කර ගෙන යාම සඳහා කැනේඩියාණු රජයේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා රජය තවදුරටත් අපේක්ෂා කරන බවද මෙහිදී අවධාරණය කරන ලදි. ‍‍‍ ‍‍ ‍

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya