මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂණ විරෝධී පනත ගෙනාවේ IMF කී නිසා නොවේ- ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය පැතීම නිවැරදි තීරණයක්

    මාර්තු 31, 2023

     දුෂණයට විරද්ධ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.
     නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේයි.
     නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්ධනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන්න.- අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම නිවැරදි තීරණයක් බවත් දූෂණ විරෝධී පනත ගෙනෙන්නේ රටේ දූෂණය නැති කිරීමට බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දුෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුලු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ (30) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් සිදු කරනු ලබන දුෂණ වංචා වැළැක්වීම සදහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවත්, එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව යමින් නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, එය සම්මත කිරීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.
    නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සදහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව පවතින බව ද හෙතෙම පැවසීය.

    වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ පමණින් ඒ පිළිබදව සොයා බලා කටයුතු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොපැවති බවත්, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත හදුන්වාදීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර, ජනාධිපතිවරයා , මහ කොමසාරිස්වරුන් , තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කෙමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කළේය.

    ඇතැම් පිරිස් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දුෂණ විරෝධි පනත ඉදිරිපත් නොකළ බවත්, එම පනත මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සදහා අවශ්‍යතම කරුණක් බවත්, විනිදවිද භාවයෙන් යුතු අය වැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කිරීම ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් නව දුෂණ විරෝධි පනතට ඇතුළත් කර ඇති බවත්, ලබන මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මාධ්‍යවේදියෙකු යොමු කරන ලද ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    නව දුෂණ විරෝධි පනත තුළින් දුෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර, නව අල්ලස් කොමිෂමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවද හෙතෙම සඳහන් කළේය.

    රට තුළ අල්ලස හා දුෂණය සම්බන්ධව දැනට පවතින තත්වය හේතුවෙන් ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන අතර, සිංගප්පුරුව දියුණු රටක් බවට පත්වීමට ප්‍රධාන හේතුව වුයේ අල්ලස හා දුෂණය තුරන් කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා , ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වීම සම්බන්ධව කිසිදු වරදක් නොමැති බවත් වැඩිදුරටත් කීය.
    ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර තිබේ. එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහිමකට පත් නොවන පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතින බවත්, හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
    නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ද මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සදහන් කරන කිසිවෙක් නව පනත කියවා නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya